'කොවිඩ් 19' වයිරසයේ බිහිසුණු ප්‍රභේදයක් ලෙස සැලකෙන 'ඩෙල්ටා' (ඉන්දියාවෙන් පළමුවෙන් සොයාගත්) විකෘති වයිරස ප්‍රභේදය, තව දුරටත් විකෘති වෙමින්, තවත් නව විකෘති වයිරස ප්‍රභේදයක් නිර්මාණය කර ඇති බවත්, මෙම නව විකෘතිය 'ඩෙල්ටා ප්ලස්' යන නමින් නම් කිරීමට පියවර ගන්නා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 'ඩෙල්ටා පලස්' නමින් නම් කර ඇති මෙම විකෘති වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් දත්ත ලබා ගෙන ඇත්තේ ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන්ගෙනි. 'ඩෙල්ටා පලස්' සම්බන්ධයෙන් දත්ත තවමත් ලැබෙමින් පවතින බවත්, එය කොතරම් බිහිසුණුදැයි ඉදිරියේ දී දැනගන්න ලැබෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දියාවේ කොරෝනා දෙවැනි රැල්ලට හේතුවක් වූයේ 'ඩෙල්ටා' විකෘතියයි. මෙම විකෘතිය නිර්මාණය වූයේ ද තවත් විකෘති දෙකක මිශ්‍රණයක් ලෙසය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd