මේ වනවිට, ලොව ප්‍රධානතම 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදය ලෙස සැලකෙන 'ඩෙල්ටා' ප්‍රභේදය අඩපණ කිරීමට, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
'ඩෙල්ටා' ප්‍රභේදයට, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් පුළුල් ලෙස අධ්‍යයනයක් සිදුකර ඇති අතර, එම අධ්‍යයනයේදී හෙළි වුණු කරුණු සියල්ල මේ වනවිට 'නිව් ඉංග්ලන්ඩ්' වෛද්‍ය සගරාවේ පළවී තිබේ.
අධ්‍යයනය සිදු කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ 'කොවිඩ් 19' රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකමුතු වෙමිනි. අධ්‍යයනයට අනුව, 'ෆයිසර්' එන්නතේ නියමිත මාත්‍රා දෙක සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් නියමිත මාත්‍රා දෙක ලබා ගැනීමෙන් පසු 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදනය වීම හෝ 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදනය වුවහොත් ඇති වන සංකූලතා අවම කිරීම හෝ ඉතාමත් සාර්ථකව සිදුවෙයි.
'ඩෙල්ටා' විකෘතිය පමණක් නොව, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලට 'ඇල්ෆා' විකෘතිය ද අඩපණ කළ හැකි බව එම නව අධ්‍යයනයෙන් හෙලි වී ඇත. 'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් හඳුනාගත් 'කොවිඩ් 19' විකෘතිය වන අතර, 'ඇල්ෆා' යනු එංගලන්තයෙන් පළමු වරට හඳුනා ගත් කොරෝනා විකෘතියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඩෙල්ටා විකෘතිය මේ වනවිට රටවල් සහ පාලන ප්‍රදේශ 124 කට පැතිර ගොස් අවසන්ය. පසුගිය සතියේ පමණක් රටවල් සහ පාලන ප්‍රදේශ 36 කින් ඩෙල්ටා විකෘතිය වාර්තා වූ බව පැවැසෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ ගණන 195 කි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ඩෙල්ටා’ අඩපණ කරන එන්නත්