ඩ්‍රෝන යානාවක් සැරිසැරීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කර තිබේ.


පැය 24 කට වඩා වැඩි  කාලයක් ගුවන් තොටුපළ වසා දමා තිබිණි. මේ හේතුවෙන් ගුවන් ගමන් වාර 700 ක් පමණ අවලංගු කෙරිණි.  ගුවන් තොටුපළ විවෘත කළ ද තවමත් සීමිත ගුවන් ගමන් වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක වේ.


මේ හේතුවෙන් නත්තල් සමයේ සංචාරයේ යෙදෙන සිය දහස් ගණනක් මගීන් දැඩි අපහසුතාවයට ලක් විය. ගැට්වික් ගුවන් තොටුපොළ බ්‍රිතාන්‍යයේ දෙවැනි කාර්යබහුල ගුවන් තොටුපොළ වේ.
 
(28535)