ඇමරිකාවේ නෙවාර්ක් ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයෙන් ඩ්‍රෝන යානා දෙකක් දර්ශනය වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව වාර්තා වේ.
ගුවන් නියමුවකු පවසා ඇත්තේ ඔහුගේ යානයට අඩි 30ක් තරම් ආසන්නයට ඩ්‍රෝන යානාවක් පැමිණි බවයි.
නෙවාර්ක්, ඇමරිකාවේ කාර්යබහුලම ගුවන් තොටුපලක් වන අතර ආරක්ෂිත පියවරක් ලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ගුවන්තොටුපල බලධාරීහු පවසති.
ගුවන් ගමන් කර්මාන්තය කෙරෙහි ඩ්‍රෝන යානා බලවත් තර්ජනයක් වී ඇති බව ලොවපුරා පසුගිය දිනවල වාර්තා වූ සිද්ධීන්ගෙන් තහවුරු වන බව සඳහන් වේ.
ලන්ඩනයේ හීත්‍රෝ හා ගැට්වික් ගුවන්තොටුපලහි ද පසුගිය දිනවල ඩ්‍රෝන යානා දර්ශනය වීමක් හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට සිදුවිය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd