
රුසියන් හමුදා, රුසියාවේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා 400 ක් යොදා ගනිමින්, යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගයි.
යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට රුසියන් හමුදා, යුක්රේන නගරවලට පහර දෙන්නේ ඉරානයේ නිෂ්පාදිත ‘ෂාහිද් 136 කමිකාසේ’ නමැති ඩ්‍රෝන යානාවලිනි.
පසුගිය 17 වැනිදා රුසියන් හමුදා, ඉරාන ඩ්‍රෝන යානා 43 ක් යොදා ගනිමින් යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් පහර දී ඇතැයි පැවැසෙයි. එදින කීව් අගනුවරට ඩ්‍රෝන යානා 28 ක් යොදා ගනිමින් පහර දුන්නේ යැයි ද පැවැසෙයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එල්ල කරන චෝදනා රුසියාව මෙන්ම ඉරානය ද තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. රුසියාව පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ඉරානයෙන් ඩ්‍රෝන යානා මිලදී ගෙන නොමැති බවය. ඉරානය ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවට ඩ්‍රෝන යානා විකුණා නැති බවය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩ්‍රෝන 400 ක් යොදාගෙන පහරදීලා