ජලයේ ජීවත් වූ බවට විශ්වාස කළ හැකි ලොව මුල්ම ඩයිනෝසරයාගේ ෆොසිලය සහරා කාන්තාරයෙන් සොයාගත් බව පුරාවිදයාඥයෝ කියති. මෙය අවුරුදු ලක්ෂ 950ක් පමණ පැරණියැයි විශ්වාස කරති.
චිකාගෝ විශ්වවිද්‍යාලයේ පාෂාණිභූත විද්‍යාඥ නිසාර් ඊබ්‍රහිම් පවසන්නේ මේ සත්ත්වයා පුදුම සහගත ජීවියකු බවයි. දිග බෙල්ලක්, දිග බඳක් දිග වලිගයක් සහිත සත්ත්වයාට කිඹුලකුගේ මෙන් දිගු හොම්බක් ද ඇතැයි ඔහු කියයි.
ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි.
‘‘ අපට මෙතෙක් හමුවී ඇති ඩයිනෝසර පොසිල හා ශරීර ප්‍රමාණයට සමානුපාතිකව සන්සන්දනය කැර බැලූ විට මේ සතා ගොඩබිම විසූ සතකු නොවන බව පැහැදිලියි. මේ වතුරේ ජීවත් වූ ජලජ ඩයිනෝසරයෙක්. ‘‘
විද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ ඩයිනෝසර උභය ජීවියකු බවයි. ස්පිනෝසෝරස් ඊජිප්ටිකස් ලෙස නම්කැර ඇති මේ සත්ත්වයාට සමාන ෆොසිල කිහිපයක් වසර 100ට පමණ පෙර ද ඊජිප්තුවෙන් සොයාගෙන තිබිණි. ජර්මනියේ මියුනිච් කෞතුකාගාරයේ තැන්පත් කැර තිබූ මේ ෆොසිල දෙවැනි ලෝක යුද්ධයේ දී බෝම්බ ප්‍රහාරයකින් විනාශ විය. ඉතිරිවූයේ ඩයිනෝසරයන්ගේ චිත්‍ර කිහිපයක් පමණි. ඒවා මෙම ඇටසැකිල්ල සමග මනාව ගැලපෙන බව ද පර්යේෂකයෝ කියති.
පර්යේෂකයන් පවසන්නේ මේ සත්ත්වයා අතිශය බිහිසුණු සත්ත්වයකු විය යුතු බවයි. නාසයේ සිට වලිගය දක්වා මීටර 15ක් පමණ දැගැති මේ සත්ත්වයා සියළු මාංශ භක්ෂක ඩයිනෝසරයන්ට වඩා විශාල වියයුතුය. මොන්ගේ පාද තරමක් පළල්ය. පතුල් හබලක හැඩය ගනී. හොම්බ මසුන් ආහාරයට ගන්නා කිඹුලකුගේ ආකාරයක් පෙන්වයි. දත් කේතු ආකාරය. අස්ථි ද ජලජ සතුනගේ මෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද මන්දා මේවට...(අ).....
කතාවටත් කියනවනේ මුහුදේ නැත්තේ කපටි නරියා විතරයි කියලා(දී)