චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත්තර 43 ක් සොයාගැනීමට හැකිවිය.
හෙයුවාන් ප‍්‍රදේශයට අනන්‍ය රතු මැට්ටෙන් වැසී තිබුණු මෙම බිත්තර තොගය කිසිදු පැල්මක් හෝ සිරීමක් හෝ නොමැතිව ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන බව සදහන්ය.
බිත්තර තොගය හමුවූ වහාම එක් සේවකයෙකු එය රැගෙන පලා යෑමට තැත් කර තිබෙන බවද සදහන් වේ.
පසුව හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුකාගාරයේ පර්යේෂකයින් පැමිණ මෙම බිත්තර පර්යේෂණ කටයුතු සදහා රැගෙන ගොස් ඇත.මෙම බිත්තර කවර ජීවී විශේෂයකට අයත්දැයි මේ දක්වාම හෙළිවී නොමැත.
හෙයුවාන් ප‍්‍රදේශය ඩයිනෝසෝර බිත්තර වල උල්පතක් ලෙස සැළකෙන අතර හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුගාකාරය ලොව විශාලතම ඩයිනෝසෝර බිජු එකතුව ඇති කෞතුකාගාරය ලෙසද සැළකේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නියමයි. (ර)
කව්රුත් ඕනි නැහැ පිටබැද්දර ජයා තමයි ඒකට් හරි යන්නේ දැන් කරන්නේ ත් ඒ ජොබ් එක තමා පිටබද්දරය (ස)
මේ බිත්තර පොසිල වුන ඒවා. ඒ නිසා පැටවූ ගන්න නම් බැරි වෙයි (ස)
පුදුම හිතුණා මට (නි)
පුදුමාකාරයි (නි)
මේක මෙහෙම වුණාට චීන්නු මෙහෙ ඇවිල්ලා "හාරනකොට " නම් මෙහේ "සමහර අයට" රුපියල් හම්බවෙනවා බිත්තර කොහොමවෙතත් ! (නි)
ඩයිනෝසර බිත්තරම කියල හදුනා ගත්ත කෙනා කෝ (බ)
චීන්නුන්ගේ බොරු කොහොම විශ්වාස කරන්නද . (ස)
කොහොමහරි ඩයිනෝසර් කෙනෙක් නැවත බිහිකරගත්තෝතින් නම් මරු (ස)
කිකිලියකුට දීල රක්කුවා නම් බලාගන්න තිබුණා අයිති කාටද කියල ? (අ)
පුදුමයි. (ස)
කොහෙමද මැණික් උනා නම් ? (ම)
පරපුරක කැදැල්ල. (ර)
පිටබැද්දර ජයා, ඔයාගේ පවුලට බැරිද මේක කරලා දෙන්න (බ)
දිල් නේෂා මරු නේද අනේ. (ස)
ජුරාසික් පාර්ක් ඇත්ත වෙයි වගේ. (ස)