ඩයනා කුමරියගේ සුළු මව ලෙස කටයුතු කල රයින් ස්පෙන්සර් (87) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුළු අසනීප තත්වයකින් පසුවූ ආදිපාදවරිය ලන්ඩනයේ පිහිටි ඇගේ නිවසේදී මියගිය බව පවුලේ ඥාතීන් තහවුරු කර ඇත.
ඩයනාගේ පියා ඇගේ දෙවන විවාහය වන අතර ඔහු මියගිය පසු රයින් නැවත වරක් විවාහ වී ඇත. 1954 සිට 1965 දක්වා කාලයේ ඇය වෙස්මිනිස්ටර් නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස සේවය කර ඇති අතර හැරඩ්ස් මෝස්තර නිර්මාණ ආයතනයේ අධ්‍යක්ෂක වරියක ලෙස දිගුකලක් සේවය කර ඇත.
ඩයනා කුමරියගේ පියා විවාහ කර ගන්නා විට ඩයනා පහළොස් හැවිරිදි වියේ පසුවූ බවත් ඔවුන්ගේ පාරම්පරික අල්ත්‍රොප් මන්දිරයේ වාසය කල බවත් රයින් ස්පෙන්සර් ගේ මිතුරියක වන ඉන්ග්‍රිඩ් සෙවාඩ් මහත්මිය පවසා ඇත. සෙවාඩ් මහත්මිය තවදුරටත් පවසන්නේ විවාහ වූ මුල් කාලයේ ඩයනා හා ඇගේ සොහොයුරා රයින්ට අකමැති වුවත් පසුව ඩයනා රයින්ගේ හොඳම මිතුරිය වූ බවයි.
ඩයනා කුමරිය මියයෑමට මාස කිහිපයකට පෙර උත්සව අවස්ථාවකදී තමා සමග ඡායාරූපයකටද පෙනීසිටි බව රයින් ස්පෙන්සර් ඩයනාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට නිවන් සැප ලැබේවා! (නි)
අනිච්චා වත සංඛාරා. (අ)