ඩයනා කුමරියගේ සුළු මව ලෙස කටයුතු කල රයින් ස්පෙන්සර් (87) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුළු අසනීප තත්වයකින් පසුවූ ආදිපාදවරිය ලන්ඩනයේ පිහිටි ඇගේ නිවසේදී මියගිය බව පවුලේ ඥාතීන් තහවුරු කර ඇත.
ඩයනාගේ පියා ඇගේ දෙවන විවාහය වන අතර ඔහු මියගිය පසු රයින් නැවත වරක් විවාහ වී ඇත. 1954 සිට 1965 දක්වා කාලයේ ඇය වෙස්මිනිස්ටර් නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස සේවය කර ඇති අතර හැරඩ්ස් මෝස්තර නිර්මාණ ආයතනයේ අධ්‍යක්ෂක වරියක ලෙස දිගුකලක් සේවය කර ඇත.
ඩයනා කුමරියගේ පියා විවාහ කර ගන්නා විට ඩයනා පහළොස් හැවිරිදි වියේ පසුවූ බවත් ඔවුන්ගේ පාරම්පරික අල්ත්‍රොප් මන්දිරයේ වාසය කල බවත් රයින් ස්පෙන්සර් ගේ මිතුරියක වන ඉන්ග්‍රිඩ් සෙවාඩ් මහත්මිය පවසා ඇත. සෙවාඩ් මහත්මිය තවදුරටත් පවසන්නේ විවාහ වූ මුල් කාලයේ ඩයනා හා ඇගේ සොහොයුරා රයින්ට අකමැති වුවත් පසුව ඩයනා රයින්ගේ හොඳම මිතුරිය වූ බවයි.
ඩයනා කුමරිය මියයෑමට මාස කිහිපයකට පෙර උත්සව අවස්ථාවකදී තමා සමග ඡායාරූපයකටද පෙනීසිටි බව රයින් ස්පෙන්සර් ඩයනාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩයනා කුමරියගේ සුළු මව මිය යයි
ධම්ම Saturday, 22 October 2016 12:56 AM
එතුමියට නිවන් සැප ලැබේවා! (නි)
හරින Saturday, 22 October 2016 04:05 AM
අනිච්චා වත සංඛාරා. (අ)