IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඩයනා කුමරියගේ මංගල ඇදුම ප්‍රදර්ශනයට

මුළු ලොවක් ආදරයක් කළ බ්‍රිතාන්‍යයේ  ඩයනා කුමරිය විසින් මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බව ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත.

මෙම ප්‍රදර්ශනය ඉකුත්  03 වැනිදා  සිට 2022 ජනවාරි මුල දක්වා පැවැත්වෙන බවද ඒහි සදහන් වේ.

ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආදිපාදවරියන් විසින් මෙම ඇඳුම කුලියට දී ඇති බවද ගාඩියන් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

මෙම මංගල ඇඳුම ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 වසරේ ජුලි මාසයේදී නිර්මාණය කළ මෙම ගවුම අඩි 25 (මීටර් 7.6) කින් පමණ යුක්ත වේ. 1980 දශකයේ මුල් භාගයේ විලාසිතාවන්ට අනුව එය පුම්බන ලද බාහු (Large Puffed) සහිත අත්වලින් සහ සමනල ගැට (Bows) සහිතව නිමකර ඇත.

ප්‍රදර්ශනයේ සංවිධායකයින් පවසන්නේ, මෙම රාජකීය විලාසිතාව දැන් වනවිට මංගල ක්ෂෙත්‍රයේ ඉතාමත් ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව ඇති බවය.මෙම ඇඳුමට මුලින් මේරි රැජිණට අයිති පෞරාණික කැරික්මැක්‍රොස් ලේස් පැනල්වලින් ආවරණය කර තිබේ.

මේ අතර විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ මංගල දිනයේ පිටව යන (Going – away dress) අවස්ථාව සැරසී සිටි ඇඳුම්ද ප්‍රදර්ශනයට තබා තිබේ.

ගාඩියන්  ඇසුරෙනි.



අදහස් (0)

ඩයනා කුමරියගේ මංගල ඇදුම ප්‍රදර්ශනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site