IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඩිමොක්‍රටික් පක්ෂය නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට යයි

නැවතී තිබෙන රජයේ ඇතැම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය එළැඹෙන සතියේදී නව පනත් කෙටුම්පතක් සම්මත කරගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි ප්‍රකාශ කළාය. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් එරට රජයේ කටයුතු හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අකර්මණ්‍ය වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝ දේශසීමාව අතර ඉදි කෙරෙන තාප්පයට මුදල් වෙන් නොකරන්නේ නම් තමන් කිසිදු පනත් කෙටුම්පතකට අත්සන් නොකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එහෙත් එම තාප්පයට කිසිදු මුදලක් වෙන් නොකරන බවත් එසේ දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම අශිෂ්ට හා ආචාර ධාර්මික නොවන ක්‍රියාවක් බවත් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කරයි. 

මේ තත්ත්වය හේතුවෙන් සති තුනක් මුළුල්ලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයේ කටයුතු අඩකට වැඩි ප්‍රමාණයක් නැවැතී තිබෙන අතර රාජ්‍ය සේවකයන් සිය දහස් ගණනකට වැටුප් ද ගෙවා නොමැත. 

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ සාමාජිකයන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සෙනසුරාදා (5) පැවැත්වුණු නමුත් එම සාකච්ඡා අසාර්ථක විය. 

නැවතී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පසුගිය සිකුරාදා ඩිමොක්‍රටික් පක්ෂය පනත් කෙටුම්පතක් සම්මත කරගත් අතර එයින්ද ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පය ඉදි කිරීමට මුදල් වෙන් කර තිබුණේ නැත. 

ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පය ඉදි කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපතිවරයා එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6ක මුදලක් ඉල්ලා ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය කොටස් දෙකකින් සමන්විත අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය හිමිව ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. කතානායිකා නැන්සි පෙලොසි නියෝජනය කරන්නේ ද එම පක්ෂයයි. 

සෙනසුරාදා පැවැති සාකච්ඡා අසාර්ථක වූ බැවින් මේ සතියේදී නැවතී තිබෙන රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා කෙටිකාලීන පියවර ගත හැකි පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කරන බව කතානායිකා නැන්සි පෙලොසි සඳහන් කළාය. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙන් සහ ආදායම් බදු සේවාවෙන් එම පියවර ගන්නා බව ද ඇය කීවාය. 

“මේක කරන්න ඕනේ. එතකොට ඇමෙරිකාවේ ජනතාවට ඔවුන්ගේ බදු අරමුදල් නියමිත පරිදි ලැබෙනවා” යැයි ඇය පැවැසුවාය. 

 රොයිටර් ඇසුරිනි

055

 



අදහස් (0)

ඩිමොක්‍රටික් පක්ෂය නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1666 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site