විවාහ නොවූ කාන්තාවකට හෝ පිරිමියකුට එකට යතුරු පැදියකින් ගමන් කිරීමට නොහැකි වන අයුරින් පනතක් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ඉන්දුනීසියාවේ උතුරු ආචේ ප‍්‍රාන්ත බලධාරීහු පවසති.

එරට ඉස්ලාම් නීතියට අනුව, විවාහ නොවූ යුවලකට යතුරු පැදියක ගමන් කළ නොහැකිය. පනත ලබන වසරේ සම්මත කර ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

රොයිටර්/ඒ.එෆ්.පී. ඇසුරිනි