IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩුබායි වීදි බළලූන්ට නොමිලේ කෑම දෙන ලාංකික සේවිකාව

තිළිණි ද සිල්වා 
 
වසර නමයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකික සේවිකාවක් එහි ජීවිත්වන වීදි බළලූන්ට නොමිලේ කෑම ලබා දීමේ අපූරු පුවතක් මැදපෙරදිග පළවන කලීජ් ටයිම්ස් පුවත්පත් නිල වෙබ් අඩවියේ වාර්තා කර තිබේ.

 
මෙලෙස අපූරු ක‍්‍රියාවක නිරතව සිටින්නේ ඩුබායි ජුමෙයිරා හි ගෘහසේවයේ නියුතු අශෝකා නැමැත්තියකි. කලීජ් ටයිම්ස් පුවත්පත සිය ෆේස්බුක් නිල ගිණුමේ සහ යූ ටියුබ් සමාජ ජාල වෙබ් අඩවියට වීඩියෝ පටයක් මුදා හරිමින් ඇයගේ මෙම ක‍්‍රියාව ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
 
මෙම සේවය සිදුකර තිබෙන්නේ ඇයට ලැබෙන සුළු පඩියෙන් වීම තවත් විශේෂත්වයකි.දිනකට බළලූන් 200කට පමණ ආහාර ලබා දෙන ඇයට මේ සඳහා මාසයකට ඩිරාම් 1650කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් වියදම්වන බව එම වීඩියෝ වාර්තාවේ සඳහන් වේ.
 
මෙම ලාංකික සේවිකාව 2008 වසරේ ජනවාරි මාසයේදී ඩුබායිවල ගෘහ සේවිකාවක් වශයෙන් කටයුතු ආරම්භ කර  ඇති අතර එදා පටන් මේ දක්වාම ඇය එහි වීදී වල වෙසෙන අසරණ බළලූන්ට පුරුද්දක් වශයෙන් කෑම ලබාදෙමින් සිටින බව එම වීඩියෝ වාර්තාවේ සඳහන් වේ.



අදහස් (1)

ඩුබායි වීදි බළලූන්ට නොමිලේ කෑම දෙන ලාංකික සේවිකාව

Sathyayaa Tuesday, 20 February 2018 11:42 PM

මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ සත් ක්‍රියාව ලොවටම ආදර්ශයක්. ඒ සතුන්ට කෑම දීම නිසාම නොව තමන් දුක් මහන්සියෙන් හම්බ කරන සොච්චමෙන් ඒ මහඟු ක්‍රියාව අඛණ්ඩව කරගෙන යාමයි. ජනතාවගේ මුදලින් බඩ කට පුරවා ගෙන කෑම බහින්න බොරුවට සණ්ඩු කරන අපේ දේශපාලුවන් සිටින්නේ මේ කාන්තාවට වඩා කොතරම් පහළින්ද?

:       0       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site