ඩුබායි සිට පැමිණි ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් බෝයින් 737 ගුවන් යානයක් රුසියාවේ රොස්ටොව් ඔන්ඩොන් හි ගුවන්තොටුපළට ගොඩබස්වන අවස්ථාවේදී සිදුවූ අනතුරකින් 61 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මගීන් හා කාර්ය මණ්ඩල සේවකයින් ද මියගිය පිරිසට අයත් බව කියති.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති බවත් ගොඩබස්වන අවස්ථාවේදී කඩාවැටීමකට ලක්ව යානය බරපතල අනතුරට ලක්ව ඇති බවත් වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව රුසියාවේ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විපත් නැවතත් අසන්නට නොලැබේවා. (ම)