ඩුබායි අල් ගර්හුඩ්හිදී නව භාවනා මධ්‍යස්ථානයක් මේ මස 29 වැනි සිකුරාදා පෙරවරු 9.30 ට විවෘත කිරීම සඳහා "ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථාන දායක කමිටුව" කටයුතු යොදා ඇතිබව දායක කමිටුව වෙනුවෙන් සුරනාත් කාලිංග කියයි.
මැදපෙරදිග රටක බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භකෙරෙන ප්‍රථම අවස්තාව මෙයයි.
භාවනා නධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සමාරම්භක පිංකම පැවැත්වෙන්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති පුජ්‍ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
"මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් දුර බැහැර රටක ජීවත්වන බෞද්ධයන් හැටියට අප සියලුම දෙනාගේම අධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීම අරමුණ කොට ඒසඳහා අවශ්‍ය මඟ පෙන්වීම සැපයීම අපගේ මුලික අරමුණ" බව කාලිංග පවසයි.
අංක 38 ඒ 29 වීදිය, අල් ගර්හුඩ් පෙදෙස, ඩුබායි නව භාවනා මධ්‍යස්ථානයේ ලිපිනයයි. පිංකම සහ භාවනා පන්ති පිළිබඳවත් අනෙකුත් විස්තරත් 0506351774 යන දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට වටිනාම දෙයක්. (බ)
අපි මධ්‍යස්ථව හිතමු. ඩුබායි රටෙන් ඇවිල්ලා කොළඹ මොකක්හරි මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් ඇරියොත් අපේ රටේ ස්වාමින් වහන්සේලා මොන විදියට හැසිරෙයිද? දැන් කාලේ වෙන දේවල් දැක්කහම මට අවංකවම මේ දෙය හිතුණා. (නි)
ඉතාමත් උතුම් කාලෝචිත ක්‍රියාවක්.. මෙයට සම්බන්ධ වී තිලක් ඩුබායි මහතාගේ සිතෙහි හටගත්තාවූ ද්වේශය , මෝහය නිමාවට පත්වේවා.. !. සියලු සත්වයෝ සුවපත් වෙත්වා..! .(බ)
ඩුබායිවල පලමුවෙනි භාවනා අසපුව (මහමෙව්නාව ) දැනට අවුරුදු පහකට පෙර ආරම්භ වු අතර, ඩුබායිවල සිටින ශ්‍රි ලාංකිකයන් ඉතා ශ්‍රද්ධාවෙන් දිනපතා දන් පැන් දී, අපට අහිමිවී තිබුන ඒ නිර්මල පිරිසිදු ශ්‍රි සද්ධර්මය ඉගෙන ගනිමින්, පුරුදු කරමින් සිට්ති. සාදු.. සාදු..! සාදු...!!!(කෞ)
සංජිව, කෙසේවෙතත් ඔබේ පැතුම අති විශිෂ්ටයි! (නි)
සාදු සාදු සාදු ! (කෞ)
කරන දෙයක් නිතියානු කුලව කරන,මැදපෙරදිග කොයි රටත් පොඩි වැරැද්දට එල්ලන්න බලන් ඉන්නේ (කෞ)