ඩුබායි හි මැරිනා දිස්ත්‍රික්කයේ පිහිටි ලොව උසම තට්ටු නිවාස වලින් එකක් වු මහල්  70 කින් යුත් ගොඩනැගිල්ලක 60 වන මහළේ ඇතිවු ගින්නකින් එම ගොඩනැගිල්ලට  දැඩි අලාභහානි වි ඇති බව වදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 2011 දී සාදනු ලැබු මෙම ගොඩනැගිල්ලේ උස අඩි 1105 කි.

දැඩි සුලඟ හේතුවෙන් ගින්න පැතිරීම වැඩිවු බවද වාර්තාවේ.

මෙම සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා ඇත්තේ ගින්නෙන් ඇතිවු සුන්බුන් අවට ගොඩනැගිලි දෙසට පතිත වු බවයි. මෙම ගින්නට හේතුව මෙතෙක් ප්‍රකාශ වි නැත. ගිනිගත් ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සියගණනක් ඉන් ඉවත් කර ඇත. මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුට   තුවාල වූ බව වාර්තා වී නොමැත.

මෙම තට්ටු නිවාසයේ පදිංචි කරුවෙක් වු ඇමරිකානු ජාතික  ආර්.ජේ. මොර්ලොක් මාධ්‍යයට පවසා ඇත්තේ ගිනි නිවන භටයන් විසින්  ඉතාමත් ඉක්මනින් ගින්න මැඩ පැවැත්වීම පුදුම සහගත බවයි.