
ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.
මෙය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ පළමු ඉන්දීය සංචාරය වීම විශේෂත්වයකි.
නවදිල්ලි ගුවන්තොටුපොළේ දී ඩුබායි ඔටුන්න හිමි කුමරු පිළිගනු ලැබුවේ, ඉන්දීය සංචාරක සහ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් රාජ්‍ය අමාත්‍ය සුරේෂ් ගෝපි විසිනි. හමුදා උත්තමාචාර ද පිරිනැමුණි.
ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුව ඉන් අනතුරුව පැවැතිවිණි. ඒ, හයිද්‍රාබාද් මන්දිරයේදීය.
එහිදී, දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වීය සාකච්ඡා පවත්වා, පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කරගත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඩුබායි ඔටුන්න හිමි කුමරු එම අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඔහුගේ සීයා වන ෂෙයික් රෂීද්ගේ ‘බිෂ්ට්‘ නමැති අරාබි පිරිමින් විසින් කන්දූරාවට උඩින් අඳිනු ලබන, සාම්ප්‍රදායික එම්බ්‍රොයිඩර් සළුවේ අනුරුවක් ද තිළිණ කළේය. ඒ දෙරට අතරේ, ඓතිහාසික සහ පරම්පරාගත දේශපාලන මිත්‍රත්වය සංකේතවත් කරමිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd