එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඩුබායි නගරයේ 'ටෝර්ච්' නිවාස සංකීර්ණය ගිනිගෙන ඇති බව වාර්තා වේ.
උසින් අඩි 1100ක් වන මෙම ගොඩනැගිල්ල තට්ටු 79කින් සමන්විත වන අතර ලොව උසම නිවාස සංකීර්ණ අතරින් පස් වැනි ස්ථානයට හිමිකම් කියයි.
ගින්න සැලවූ වහාම පදිංචිකරුවන් ඉවත් කර ඇතැයිද ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තා නොවන බවද ආරක්ෂක අංශ පවසයි.
ගින්න ඉතා ඉක්මනින් පැතිරීගියද ගිනිනිවන අංශ වහාම ක්‍රියාත්මක වී තත්වය පාලනය කර ඇත.
(ඩේලිමේල් ඇසුරිණි -085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ටෝච්" කියලා නම දාපු එක්කෙනා අපේ සුමනදාස මහත්තයාටත් වඩා හොඳ අනාවැකි කාරයෙක්නේ!!!
ඕක එංගලන්තේ වුණා නම් සිය ගාණක් මැරිලා.
ඕක හදලා තියෙන්නේ චීනයෝ තමයි...