අවි අතදැරිය හැකි ලොකු කුඩා සියලු දෙනා සන්නද්ධ වී සිටිය යුතු යැයි යුක්රේනයේ ඩොනෙස්ක් නගරයේ ප්‍රධානී ඩෙනිස් පුෂ්ලින් වීඩියෝ පණිවිඩයක් හරහා ජනතාව අමතමින් ඉල්ලීමක් කර තිබේ.
”අවි රැගෙන යා හැකි ඩොනෙක්ස් සියලුම පිරිමින්ගෙන් මා ඉල්ලා සිටින්නේ දරුවන්, භාර්යාවන්, මව්වරුන් ආරක්ෂා කිරීමට නැගී සිටින ලෙසයි.” යැයි ඩෙනිස් පුෂ්ලින්ගේ වීඩියෝ පණිවුඩයේ දැක්වෙයි. වයස 18-55 අතර පිරිමින් හට ඩොනෙක්ස් නගරයෙන් පිටවීම තහනම් කර ඇතැයි ද බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
ඩොනෙස්ක් නැගෙනහිර යුක්රේනයේ වාණිජ නගරයක් යැයි ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තත්, ඩොනෙස්ක් සැලකෙන්නේ ස්වයං පාලන රාජ්‍යයක් ලෙසය. යුක්රේනයට අයත් පස්වැනි විශාලතම නගරය ලෙස ඩොනෙස්ක් සැලකෙන අතර ජනගහනය 9,05,364 කි.
ඩොනෙස්ක් රුසියානු හිතවාදී නගරයක් වන අතර, යුක්රේනයේ රුසියන් බෙදුම්වාදීන්ගේ බල කඳවුරක් ලෙස ද මෙය සැලකෙයි.
ඩොනෙස්ක් මෙන්ම, ලුහාන්ස්ක් ස්වයං පාලන නගරය ද රුසියානු බෙදුම්වාදීන්ට හිතවත් වන අතර, එම නගරයේ ප්‍රධානියා ජනතාවට පවසා ඇත්තේ යුද්ධයට එකතු වීමට බලාපොරොත්තුවෙන් සංචිතයේ සිටින සියලු දෙනා හමුදා බඳවා ගැනීමේ කාර්යාල වෙත පැමිණෙන ලෙසය.
විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩොනෙස්ක් සටනට සීරුවෙන්