ඇමෙරිකා  ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලියකට විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කැලිපෝනියාවේ පැවැත්වූ රැලියක් අසල මෙලෙස ට්‍රම්ප් විරෝධී කල්ලි යැයි පවසන පිරිස් විසින් ගැටුම් ඇති කර තිබේ.

එම ගැටුම් බොහොමයක් පොලිසිය හා එම විරෝධතාකරුවන් අතර ඇති වී තිබෙන අතර පොලිස් රථයකටද ඉන් හානි වූ බව සදහන් වේ.

එමෙන්ම එම ගැටුම් සම්බන්ධයෙන් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇත.

කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

විරෝධකරුවන් ට්‍රම්ප් විරෝධී පුවරු දර්ශනය කරමින් සිටි බවද සදහන් වේ. එම විරෝධතාකරුවන් ට්‍රම්ප්ගේ සමහර ප්‍රතිපත්ති වලට විරෝධතාවයක් දක්වන බවට වාර්තා වෙයි. ඔහු ජනපති වූ පසු සියලු සංක්‍රමණිකයින් පිටුවහල් කරන බවට සිදු කළ ප්‍රකාශ සම්බන්ධව බොහෝ පිරිස් විරෝධයක් දක්වති.

කෙසේවෙතත් මේ වන විට අපේක්ෂක මනාප සටහනේ රිපබ්ලිකන් අපේක්ෂකයන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටියි.