IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකට ප්‍රහාරයක්

ඇමෙරිකා  ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලියකට විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කැලිපෝනියාවේ පැවැත්වූ රැලියක් අසල මෙලෙස ට්‍රම්ප් විරෝධී කල්ලි යැයි පවසන පිරිස් විසින් ගැටුම් ඇති කර තිබේ.

එම ගැටුම් බොහොමයක් පොලිසිය හා එම විරෝධතාකරුවන් අතර ඇති වී තිබෙන අතර පොලිස් රථයකටද ඉන් හානි වූ බව සදහන් වේ.

එමෙන්ම එම ගැටුම් සම්බන්ධයෙන් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇත.

කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

විරෝධකරුවන් ට්‍රම්ප් විරෝධී පුවරු දර්ශනය කරමින් සිටි බවද සදහන් වේ. එම විරෝධතාකරුවන් ට්‍රම්ප්ගේ සමහර ප්‍රතිපත්ති වලට විරෝධතාවයක් දක්වන බවට වාර්තා වෙයි. ඔහු ජනපති වූ පසු සියලු සංක්‍රමණිකයින් පිටුවහල් කරන බවට සිදු කළ ප්‍රකාශ සම්බන්ධව බොහෝ පිරිස් විරෝධයක් දක්වති.

කෙසේවෙතත් මේ වන විට අපේක්ෂක මනාප සටහනේ රිපබ්ලිකන් අපේක්ෂකයන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටියි.



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකට ප්‍රහාරයක්

චාමර Saturday, 30 April 2016 01:12 PM

ඇමෙරිකාවේ ඉන්න නුසුදුසු පුද්ගලයෝ ටික පිටුවහල් කරන එක ඇමෙරිකාවට නම් හොඳ අදහසක්. එ්ත් පිටුවහල් කරන අයව බාරගන්නේ කවුද? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 30 April 2016 01:24 PM

යමෙකු තම රටේ ජීවත්වීමට නොහැකි නිසා වෙනත් රටකට ගොස් කලකදී එරටේ ප්‍රශ්න ඇති කරන්නේ නම් රටින් පිටුවහල් කිරීම හැර වෙන කළයුත්තේ කුමක්ද? (නි)

:       0       0

සුපුන් Saturday, 30 April 2016 11:11 PM

ට්‍රම්ප්ට ජය වේවා! ඕවා පිටිපස්සේ ඉන්නේ අරහෙන් මෙහෙන් කඩාවැටුණ ත්‍රස්තවාදියොයි. (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Sunday, 01 May 2016 12:40 PM

ඔය ට්‍රම්ප්ට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ ඇමරිකාවට මෙක්සිකෝවෙන් හා වෙනත් ලතින් ඇමරිකානු රටවලින් අනවසරයෙන් දේශසීමාවෙන් රිංගා ඇතුළුවී සිටින පිරිසයි. මේ අය තමා ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා හොරමැරකම් වැඩිපුර කරන්නෙත්. නමුත් මේ රටේ හොඳ මානව හිමිකම් නීති නිසා දීර්ඝ නීති ක්‍රියාදාමයකින් මිස ඇතුළුවුන කෙනෙක් පිටුවහල් කරන්න බැහැ. ට්‍රම්ප් ඒ නීති වෙනස් කරනවා කියන නිසා තමා මේ අයට අමාරුව (නි)

:       0       0

සුගත් Monday, 02 May 2016 05:46 AM

ලංකාවේ වගේ එහෙත් ඇතිවෙනවා වගේ. ජනාධිපති ඡන්දෙ කාලේ අපේ රටෙත් මේ වගේ දේවල් වුනා. (ර)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 30 April 2016 04:23 AM

අපේ ලංකාවෙන් ඉගෙනගෙනවද්ද? (නි)

:       0       0

කරුණාපාල Saturday, 30 April 2016 07:51 AM

බලාගෙන ගියාම අපි ඇමරිකාවෙන් අරගෙන තියන දේවල් වලට වඩා, අපෙන් ඇමරිකන්කාරයෝ ඉගෙනගෙන තියන දේවල් ප්‍රමාණය වැඩියිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site