ඇමෙරිකා  ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවට වෛද්‍ය වාර්තාවක් නිකුත් කරමින් ඔහුගේ වෛද්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ට්‍රම්ප් මේ බව රුපවාහිනී වැඩසටහනකදී ද කියා සිටියේය. ඔහුගේ එදිරිවාදී අපේක්ෂක හිලරි ක්ලින්ටන් නියුමෝනියා රෝගයෙන් පෙලෙන බව වාර්තා වීමෙන් අනතුරුව රටේ ජනතාව ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි නොසතුටෙන් සිටීම මෙම වාර්තාව නිකුත් කිරීමට හේතු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඔහු දුම් සහ මත්පැන් වලින් තොර යැයි වැඩි දුරටත් සදහන් වෙයි.

 අඩි 6යි අඟල් 3ක් උස ඔහු කිලෝ 116 ක බරකින් යුක්ත වීම නිසා යම් තරබාරු තත්වයක සිටින බව  එහි සදහන් වෙයි.කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශයට අනුව ඔහු විශිෂ්ට සෞඛ්‍ය තත්වයක සිටියි.