ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ආසියානු සංචාරයේ යෙදෙන අතරතුර ජපානයේ සිට අද(07) දකුණු කොරියාවේ සියොල් නුවරට පැමිණි බව වාර්තා වේ.
ජනාධිපතිවරයා පැය 24ක කාලයක් දකුණු කොරියාවේ ගත කිරීමට නියමිත අතර දකුණු කොරියානු ජනපති මූන් ජී ඉන් මහතා සහ ප්‍රාදේශීය දේශපාලකයින් හමුවිටද බලාපොරොත්තු වන බව පැවසේ.
ඔහුගේ සංචාරයේ මූලික අරමුණ වන්නේ දකුණු කොරියාවේ රඳවා සිටින ඇමරිකානු හමුදා භටයින් හමුවීමයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ජනපතිවරයා සූදානම්ව සිටින අතර දෙරට අතර වෙළඳ ගිවිසුම් සම්බන්ධව ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
කෙසේ වුවද ඇමරිකානු ජනපතිවරයාට විරුද්ධව සියොල් නුවර විරෝධතා ද පැවති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී චීනය,වියට්නාමය හා පිලිපීනය වෙත ද ඇමරිකානු ජනපතිවරයා ගමන් කිරීමට සැලසුම් කර ඇත.
(සීඑන්එන් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd