ඩොනල්ඩ් ට්‍රම්ප් ට රිපබ්ලිකන් පක්ෂයෙන් ඇමෙරිකා ජනාධිපති අපේක්ෂකත්වය සදහා නාමයෝජනා ලබාගැනීමට අවශ්‍ය මනාප සංඛ්‍යාව මේ වන විට සපිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පක්ෂයෙන් තරග බිමට ආ 16 දෙනෙකු පරාජයට පත් කරමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තේය.
නාමයෝජනා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජුලි මස ක්ලේවන්ඩ් හි පැවැත්වෙන සමුළුවේදී සිදු කරනු ඇතැයි සදහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් බොහෝ දුරට ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් සමග තරග බිමට එලබෙනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ජුනි මාසයේ ද අපේක්‍ෂකත්ව නාමයෝජනා සදහා මනාප විමසීම් පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු දිනුවත් ගෙනියන්නේ අැමෙරිකන් පිළිවෙත. (නි)