ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2020 වසරේ පැවැත්වුණු ජනාපධිතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ආධාරකරුවන් උසි ගන්වා, කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කිරීම සහ වොෂින්ටන් කැපිටල් ගොඩනැගිල්ලට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) පහරදීමට සැලැස්වීම සම්බන්ධයෙන් චෝදනා 4 ක් ට්‍රම්ප්ට එල්ල වී තිබේ.
ට්‍රම්ප්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ 2021 ජනවාරි 6 වැනිදාය.
වොෂින්ටන් අගනුවර බැරට් පෙටි්‍රමෑන් අධිකරණය හමුවේ පෙනී සිටි ට්‍රම්ප්ට චෝදනා 4 ඉදිරිපත් කෙරුණු අතර, එම චෝදනාවලට තමන් වරදකරු නොවන බව ඔහු විනිසුරු මොක්සිලා උපදායා හමුවේ පැවැසීය.
ට්‍රම්ප් නීතීඥවරුන් පිරිවරා ගනිමින්, සිය පෞද්ගලික ගුවන් යානයෙන්, නිව් ජර්සි නුවර නිවසේ සිට වොෂින්ටනයේ ඊ බැරට් පෙට්‍රිමැන් අධිකරණයට පැමිණ තිබුණි. අධිකරණ ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. ට්‍රම්ප් යළි අගෝස්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවට