
හදිසි මැතිවරණයකට යෑමට, ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් තීරණය කළාය. මැතිවරණයක් පැවැත්වීමට ප්‍රධානතම හේතුව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ගන්නා උත්සාහයයි.
ග්‍රීන්ලන්තය ස්වාභාවික සම්පත්වලින් පිරුණු දූපතකි. මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකා මහද්වීපයටත් යුරෝපා මහද්වීපයටත් මැදිවය. පිහිටීම අනුව, උපාය මාර්ගික වශයෙන් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට වැදගත්ය. දැනටමත් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරක් ග්‍රීන්ලන්තයේ පිහිටුවා ඇත.
අතීතයේ ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත් විය. අද ග්‍රීන්ලන්තය ස්වයං පාලනයක් යටතේ පැවැතියත් වෙනම රජයක් පැවැතියත්, එය අයිති ඇත්තේ ඩෙන්මාර්කයටය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තත ඇමෙරිකාවට ඈදා ගැනීමට ගන්නා උත්සාහයට ඩෙන්මාර්කය දැඩි ලෙස විරෝධය පළ කරයි.
ඩෙන්මාර්කය යුරෝපා රාජ්‍යයක් වන අතර, ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් සියලු යුරෝපා රටවල් සිටින්නේ දැඩි ස්ථාවරයකය. යුරෝපා රටවල් සියල්ල පවසන්නේ, ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණ කළ යුත්තේ ග්‍රීන්ලන්ත වැසියන් මිස ඇමෙරිකාව නොවන බවය.
ග්‍රීන්ලන්තය මුල්කොට ගනිමින් ඩෙන්මාර්ක මැතිවරණය පවත්වන බවත්, ඇමෙරිකාවෙන් මිදී ඩෙන්මාර්කය ඇතුළු යුරෝපා රටවලට තනිව නැගී සිටිය හැකි බව පෙන්වීම මැතිවරණය හරහා සිදුවනු ඇති බවත් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd