අතුරු ආබාධ සම්බන්ධයෙන් ඇති වූ අවදානමක් හේතුවෙන් මහජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ඩෙන්මාර්කය පියවර ගෙන ඇත.
එන්නත ලබාගත් කිහිපදෙනකු දරුණු ආකාරයේ රුධිරය කැටි ගැසීමේ තත්ත්වවලට මුහුණ දී ඇති බවත් එක් පුද්ගලයකු ඒ හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් වාර්තා වේ.
මේ හේතුවෙන් සති දෙකක කාලයක් සඳහා එන්නත ලබාදීම නවත්වන බව ඩෙන්මාර්ක බලධාරීහු ඊයේ (11) ප්‍රකාශ කළහ.
ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාදුන් 60 හැවිරිදි කාන්තාවක් රුධිර කැටි ගැසී මියයෑම හේතුවෙන් ඩෙන්මාර්ක බලධාරීන් එම පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රියාවේ භාවිත කරන ලද ඇස්ට්‍රාසෙනක එන්නත් තොගයෙන් කොටසකින් එම කාන්තාවට එම එන්නත් මාත්‍රාව ලබා දී තිබේ.
ඩෙන්මාර්කයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් තමන් ද ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම තාවකාලිකව නතර කරන බව නෝර්වේ සෞඛ්‍ය බලධාරීහු ඊයේ (11) පස්වරුවේ ප්‍රකාශ කළහ.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එන්නත නතර කර, වෙනත් එන්නතක් දෙයිද? මැරුණු අය කෝවිඩ් 19 ගිණුමට බැර කරයිද..? ඊළඟ කතාව ඕකවෙයිද..?