IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඩෙන්මාර්කය - නෝර්වේ ඇස්ට්‍රාසෙනකා එන්නත දීම නවත්වයි

අතුරු ආබාධ සම්බන්ධයෙන් ඇති වූ අවදානමක් හේතුවෙන් මහජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ඩෙන්මාර්කය පියවර ගෙන ඇත.
 
එන්නත ලබාගත් කිහිපදෙනකු දරුණු ආකාරයේ රුධිරය කැටි ගැසීමේ තත්ත්වවලට මුහුණ දී ඇති බවත් එක් පුද්ගලයකු ඒ හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් වාර්තා වේ.
 
මේ හේතුවෙන් සති දෙකක කාලයක් සඳහා එන්නත ලබාදීම නවත්වන බව ඩෙන්මාර්ක බලධාරීහු ඊයේ (11) ප්‍රකාශ කළහ. 
 
ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාදුන් 60 හැවිරිදි කාන්තාවක් රුධිර කැටි ගැසී මියයෑම හේතුවෙන් ඩෙන්මාර්ක බලධාරීන් එම පියවර ගෙන තිබේ. 
 
ඔස්ට්‍රියාවේ භාවිත කරන ලද ඇස්ට්‍රාසෙනක එන්නත් තොගයෙන් කොටසකින් එම කාන්තාවට එම එන්නත් මාත්‍රාව ලබා දී තිබේ.
 
ඩෙන්මාර්කයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් තමන් ද ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම තාවකාලිකව නතර කරන බව නෝර්වේ සෞඛ්‍ය බලධාරීහු ඊයේ (11) පස්වරුවේ ප්‍රකාශ කළහ.
 
 
රොයිටර්
 
055



අදහස් (1)

ඩෙන්මාර්කය - නෝර්වේ ඇස්ට්‍රාසෙනකා එන්නත දීම නවත්වයි

hesa Friday, 12 March 2021 07:57 AM

ඒ එන්නත නතර කර, වෙනත් එන්නතක් දෙයිද? මැරුණු අය කෝවිඩ් 19 ගිණුමට බැර කරයිද..? ඊළඟ කතාව ඕකවෙයිද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site