
යුක්රේනයේ ඩොන්බාස් පළාත රුසියාවට දෙන්නේ නම්, යුක්රේනයට එරෙහිව අනුගමනය කර ඇති හමුදා ආක්‍රමණය වහා නවත්වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ ඉන්දීය සංචාරය අතරතුරේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් සාම සැලැස්මක් ද සකස් කර ඇත.
කරුණු 28 කින් සමන්විත සාම සැලැස්ම ඇමෙරිකන් නියෝජිතයන් විසින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීටත්, පුටින්ටත් යොමු කර තිබේ.
යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් සූදානම් බවත්, රුසියාවට අසාධාරණයක් වන ආකාරයේ කිසිදු යෝජනාවකට තමන් එකඟ නොවන බවත් රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත. ඉන්දීය සංචාරයේ දී රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතරේ ද සාකච්ඡා පැවැත්විණි.
මේවනවිට යුක්රේනයේ ඩොන්බාස් පළාතෙන් සියයට 80 ක ප්‍රදේශයක් ඇත්තේ රුසියානු පාලනය යටතේය. ඩොන්බාස් පළාත රුසියාවට දීමට යුක්රේන ජනාධිපතිවරයා කැමැත්ත පළ කර නැත.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩොන්බාස් පළාත දෙනවා නම් යුද්ධය අවසන් කරනවා