
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසියට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් අතරේ ද හමුවක් පැවැත්විණි.
ඩෙල්සි රොඩ්රිගස්, වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ, ජනාධිති ධුරයේ කටයුතු කළ නිකලස් මදුරෝ, ඇමෙරිකන් හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අනුබල දීමේ චෝදනා මත, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදා වෙනිසියුලාවට ගොස් නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන ඇමෙරිකාවට රැගෙන ආවේ පසුගිය ජනවාරියේය. මදුරෝ සහ බිරිඳට එරෙහි නඩු විභාගය නිව්යෝක් නුවරදී පැවැත්වෙයි.
වෙනිසියුලාවේ තෙල් සම්පත මේ වනවිට ඇමෙරිකන් සමාගම් සතුව පවතී. ඒ සම්බන්ධයෙන් පමණක් නොව, ඉදිරියේ දී වෙනිසියුලාවේ පැවැත්වෙන නිදහස් ප්රජාතන්ත්රවාදී මැතිවරණ සම්බන්ධයෙන් ද ට්‍රම්ප් සහ ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් අතරේ සාකච්ඡා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd