සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගමේ තෙවැනි කාර්තුවේ ආදායම සහ ලාභය අපේක්ෂා නොකළ අයුරින් පහළ වැටී ඇත.
අලෙවිකරණ ගැටලු, එහි තිබෙන වැරැදි අඩුපාඩු, අඩු ඉල්ලුම යනාදිය නිසා සමාගමේ කොටස් 15%කින් පමණ පහත වැටී තිබේ.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වීමටත් පෙර එහි කොටසක මිල ඇමෙරිකානු ඩොලර් 33ක් දක්වා පහත වැටිණි. ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය කුඩා ප්‍රමාණයේ බ්ලොග් වෙබ් අඩවියක් ලෙස ද බොහෝ දෙනා අතර ප්‍රචලිතව තිබේ.
රෙෆිනිටිව් වෙතින් ලබාගත් අයි.බී.ඊ.එස් දත්තවලට අනුව ට්විටර් සමාගමේ ආදායම සියයට 9කින් ඇමෙරිකානු ඩොලර් මිලියන 824ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට වසරකට පෙර තිබූ තත්ත්වය හා සැසඳීමේදී ආදායම ඉහළ ගියත් ට්විටර් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 874ක් දක්වා ඉහළ යනු ඇතැයි ‘වෝල් ස්ට්‍රීට්’ මූල්‍ය වෙළෙඳපොළ බලාපොරොත්තු තබා සිටියේය. පසුගිය වසර හා සැසඳීමේදී ට්විටර් සමාගමේ සම්පූර්ණ අලෙවිකරණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 702ක් විය.
ට්විටර් සමාගමේ තුන්වෙනි කාර්තුවේ ශුද්ධ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 37ක් ක් වූ අතර කොටසකට හිමි අගය ඩොලර් 0.05ක් විය. පසුගිය වසරේ තෙවැනි කාර්තුවේදී සමාගමේ ආදායම ඩොලර් මිලියන 789ක් වු අතර ඇතැම් අයිතම ඉවත් කළ පසු එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 106ක් විය.
ට්විටර් සමාගම මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 161.5ක අගයක් වාර්තා කරනු ඇතැයි විශ්ලේෂකයෝ බලාපොරොත්තු තබා සිටියහ.
ට්විටර් සමාගම ඇතුළු සමාජ මාධ්‍ය පසුගිය කාලයේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති විශේෂයෙන්ම දැන්වීම් ප්‍රතිපත්ති නිසා දැඩි පරික්ෂාවටත් නිරීක්ෂණයටත් ලක්විය.
හිටපු ජනාධිපති මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයකු වන ජෝ බයිඩන් ඇතුළු එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෝ පසුගිය කාලයේදී ට්විටර්, ෆේස්බුක් සහ ගූගල් යන සමාගම්වලට දැඩි චෝදනා එල්ල කළහ. එම සමාගම් වැරැදි සහ නොමග යවන කරුණු ඇතුළත් දැන්වීම් පළ කිරීමට ඉඩ ලබාදෙන්නේ යැයි ද ඔවුහු චෝදනා කළහ.
(රොයිටර්ස් ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd