සෞදි අරාබියේ අල් හසා නගරයේ ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ඕවර අටේ “ටෙලිමනි” කුසලාන  මහා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් දමාම් ෆයිටර්ස් කණ්ඩායම ටෙලිමනි කුසලානය හිමි කර ගත්තේය.

ඉන්දියාවේ කේරලයේ කණ්ඩායම් දෙකක්ද ඇතුළුව ශ්‍රී ලාංකික කණ්ඩායම් හයක් සහභාගිවූ මෙම තරගාවලියේදී  අර්ධ අවසන් තරග සදහා සිලෝන් සසෙක්ස්,කේරල ස්ට්‍රයිකස්,දමාම් ෆයිටර්ස් සහ   හසා රෝයල් ස්ට්‍රයිකස් යන කණ්ඩායම් තරග වැදුණ කේරල ස්ට්‍රයිකස් කණ්ඩායමට එරෙහිව  සිලෝන් සසෙක්ස් කණ්ඩායමද  ෆයිටර්ස් කණ්ඩායමට එරෙහිව රෝයල් ස්ට්‍රයිකස් කණ්ඩායමද තරග වැදීමෙන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ කේරල ස්ට්‍රයිකස් සහ දමාම් ෆයිටර්ස් කණ්ඩායම් දෙකය, මෙම  අර්ධ අවසන් තරග දෙකෙහි  වීරයන්  ලෙස කේරල ස්ට්‍රයිකස් කණ්ඩායමේ මොහොමඩ් ඉර්ෂාන් ද ෆයිටස් කණ්ඩායමේ දයාල්ද  පිදුම් ලැබිණ.

අවසන් තරගයට සුදුසුකම් ලැබූ කේරල ස්ට්‍රයිකස් කණ්ඩායම සහ දමාම් ෆයිටර්ස් අතර  තරගයෙන් කාසියේ වාසිය ලබාගත් කේරල ස්ට්‍රයිකස් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර පන්දු වාර අට අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 68 ලබා ගත්තේය. හාරිස්ගේ  හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ඇතුළුව ලකුණු 19 ක් ද ෆයිටර්ස් කණ්ඩායමේ දයාල් පන්දු වාර දෙකක් ද ලකුණු අටක් ද ලබාදෙමින් කඩුලු තුනක් බිද දැමීය.

දමාම් ෆයිටර්ස් පන්දු වාර 5.4 ක දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගියේය. මනා පිති හරඹයක යෙදෙමින් පන්දුවට පහර එල්ල කළ සංගීත්  ලද හයේ පහර හතර සහ හතරේ පහරවල් හතර සමග ලබා ගත ලකුණු තිස් හය, ෆයිටස් කණ්ඩායමේ ජයග්‍රහණයට විශාල පිටිවහලක් විය.අවසන් තරගයේ වීරයා ලෙස පිදුම් ලැබුවේද ෆයිටර්ස් කණ්ඩායමේ සංගීත්ය.

තරගාවලියේ වීරයා සහ හොඳම පිති කරුවා  ලෙස ශුරතාවයන් දිනා ගන්න ලද්දේ ෆයිටර්ස් කණ්ඩායමේ දයාල් වන අතර  හොදම කඩුලු රකින්නා  ලෙස ෆයිටර්ස් කණ්ඩායමේ අක්මාල් ශුරතාවය  දිනා ගත්තේය.

“ටෙලිමනි”කුසලානය ප්‍රධානය කරන ලද්දේ  ටෙලිමනි ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු මොහොමඩ් උවයිස් මහතා විසිනි. අනුශුරතාවය  කේරල ස්ට්‍රයිකස් කණ්ඩායමට හිමි විය.

telemony2 telemony6 telemony7 telemony9 telemony10