ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති සටන ජයගැනීමට ‘නිව් බැලන්ස්‘ පාවහන් සමාගම සුබ පැතීම හෙළාදකිමින් ඇමෙරිකාවේ එම සමාගමේ පාරිභෝගිකයින් තම සපත්තු ගිනි තබා විනාශ කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
එම සිද්ධියට කුපිත වූ ට්‍රම්ප් විරෝධි පිරිස් පාවහන් ගිනි තබන ආකාරය ඡායාරූප ගත කර සමාජ ජාල වලට එක්කර ඇතැයි වාර්තා වෙයි.
විනාශ කරන සපත්තු වෙනුවෙන් 'රීබොක්' ආයතනය නොමිලේ සපත්තු ලබා දීමට ඉදිරිපත් වී ඇත.මෙය විශේෂ සිදුවීමක් බව විචාරකයෝ කියති.
මේ පිළිබද මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් නිව් බැලන්ස් සමාගම කියා තිබුනේ තමන් කිසි කෙනෙක් වෙනුවෙන් පෙනී නොසිටි බවත්,වසර 110 පැරැණි සමාගම තව දුරටත් ඇමෙරිකාව වෙනුවෙන් තම නිෂ්පාදන සිදුකරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd