
රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගූ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ පැවසුවේ, ඇමෙරිකාවේ එන්.බී.සී රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදීනී ක්‍රිස්ටන් වෙල්කර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින්ට දොස් නගා ඇත්තේ දුරකතන ඇමතුමක් දෙමිනි.
“රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට මම මැදිහිත් වී සිටිනවා. මගේ කණ්ඩායම සටන් විරාමයක් සහ සාම වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒත් රැසියාව තවමත් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. රුසියන් ජනාධිපති පුටින්ගේ අණින්, යුක්රේනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙනවා. ඒකට මම විරුද්ධයි.” යැයි ජනපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
තමන්ගේ සටන් විරාම යෝජනාව හෝ සාම වැඩපිළිවෙළ හෝ පිළිගැනීමට රැසියන් ජනාධිපතිවරයා අදිමදි කරන්නේ නම්, රුසියාවේ තෙල් අපනයන සම්බන්ධයෙන් තමන් රුසියාවට ද්විතීක තීරු බදු පැනවීමට බලාපොරොත්තු වෙනවා යැයි ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා, ඇමෙරිකා නියෝජිතයන්ගේ මැදිහත් වීමෙන් පසුගිය දා සෞදි අරාබියේ දී පැවැත්වුණු අතර, රුසියානු ජනාධිපති පුටින්, සටන් විරාම කොන්දේසි රුසියන් නියෝජිතයන් හරහා දැනුම් දුන්නේය. සාම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු යැයි ජනපති පුටින් යෝජනා කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්ට කේන්ති ගිහිල්ලා: රුසියන් ජනපතිට බැනලා