ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව දැවැන්ත පාගමනකට කාන්තාවෝ එක්වෙමින් සිටිති.

''විමෙන්ස් මාර්ච් ඔන් වොෂින්ටන්" යනුවෙන් නම් කර ඇති මෙම පාගමන ලොව පුරා කාන්තාවන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව ක්‍රියාත්මක කර ඇති විරෝධතා මාලාවේ එකක් ලෙස සැලකේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සෙනසුරාදා (21) සම්පූර්ණ කාලයම ජනාධිපති කාර්යාලයේ රැඳී සිටි බව ද වාර්තා විය. මේ ආකාරයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව විරෝධතා 600ක් පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව පරිපාලනය යටතේ කාන්තා අයිතිවාසිකම් තර්ජනයකට ලක්වනු ඇතැයි එම කාන්තාවෝ පවසති. මෙම විරෝධතාවල අරමුණ කාන්තා අයිතිවාසිකම් වෙත අවධානය යොමු කරවා ගැනීම යැයි ද පැවසේ.

_93730660_037415929-1 _93729281_037407585-1 _93729278_037412269-1 (1)