IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


‘ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලියට සහාය දෙන්නේ නෑ’

දෝෂාභියෝගයට අදාළව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව කෙරෙන විමර්ශනවලට කිසිදු ආකාරයකින් සහාය නොදෙන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කළේය.

ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයන්ට ලිපියක් යවමින් දෝෂාභියෝග ක්‍රියාවලිය ‘පදනම්’ විරහිත සහ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට’ පටහැණි යැයි ද ධවල මන්දිරය සිය ලිපියේ සඳහන් කර ඇත.

ඩිමොක්‍රටික්වරුන්ගේ නායකයත්වය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ කමිටු තුනක් ජනාධිපති ට්‍රම්ප් මහතාට එරෙහිව විමර්ශන පවත්වයි.

ජෝ බයිඩන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බල කරමින් ජනාධිපති ට්‍රම්ප් මහතා යුක්රේනයට ආධාර සැපයීම ප්‍රමාද කළේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම කමිටු පත් කර තිබේ. බැරැක් ඔබාමා පාලන සමයේ උප ජනාධිපතිධුරය හෙබ වූ බයිඩන් මෙවර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සටනට ඉදිරිපත් වී සිටී.

යුරෝපා සංගමයේ ඇමෙරිකානු තානාපතිවරයා ඇමෙරිකානු කොංග්‍රසයේ දෝෂාභියෝග විමර්ශන කමිටුව හමුවේ පෙනි සිටීම වැළැක්වීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. ධවල මන්දිරය දෝෂාභියෝග ක්‍රියාවලියට සහාය නොදෙන බව නිවේදනය කළේ ඉන් අනතුරුවය.

(ඒ.එෆ්.පී. )
 
055


 



අදහස් (0)

‘ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලියට සහාය දෙන්නේ නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1073 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site