
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් වරක් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.
වෙඩි තැබීම සිදුවූයේ ෆ්ලොරීඩාවේ, බටහිර පාම්බීච් ප්‍රදේශයේ ට්‍රම්ප් නිතර ගොල්ෆ් ක්‍රීඩා කරන ගොල්ෆ් පිටියේදීය.
වෙඩික්කරු ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි තබද්දී, සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ට්‍රම්ප්ට ආරක්ෂාව දෙමින් පෙරළා වෙඩික්කරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.
වෙඩික්කරු අල්ලා ගැනීමට ඔවුන් සමත් වූයේ ඉන් අනතුරුවය.
සීක්‍රට් සර්විස් නිලධාරීන්, අල්ලා ගත් වෙඩික්කරු පොලිසියට බාරදුන් බවත්, ඔහු සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස් දැනුවත් කිරීමට ආරක්ෂක අංශ පියවරගත් බව ධවල මන්දිරය පවසා ඇත.
වෙඩික්කරු කවුරුන්ද සහ ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැත. වෙඩික්කරු සමඟ ඒ.කේ.47 රයිෆල් තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පැවැසෙයි.
එලැඹෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ පෙන්සිල්වේනියාවේ ජනාපධිතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය. එහිදී එක් උණ්ඩයක් ට්‍රම්ප්ගේ එක් කන් පෙත්තත් තුවාල කළේය.
එදා එම වෙඩි තැබීම කළ තරුණයා, ජනාධිපති ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීමකින් එසැණින් ජීවිතක්ෂයට පත්විය. එම තරුණයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ ගන්නා බවට තොරතුරු රැසක් ද අනාවරණය විය.
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
Frencis Monday, 16 September 2024 09:00 AM
අපේ චන්ද්‍රිකා නෝනා මතක් වුනා