
ඇමෙරිකාවේ තෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, ට්‍රම්ප් සහ මෝදි අතරේ හමුවක් සිදු නොවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකාවට පැමිණියේ ‘ක්වඩ්ස්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට සහ එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවට සහභාගීවීමටය. ‘ක්වඩ්ස්’ රාජ්‍ය නායක සමුළුව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ දී සිදුවිය. එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුව පැවැත්වූයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වශයෙනි. පසුගිය තෙදින පුරා ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු හේතුවෙන් ඉතාමත් කාර්යබහුල විය. එහෙයින්, මෝදි හමුවීමට කැමැත්තෙන් සිටියත් ඔහුට එය නොහැකි වුණු බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd