
ඇමෙරිකාවේ තෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, ට්‍රම්ප් සහ මෝදි අතරේ හමුවක් සිදු නොවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකාවට පැමිණියේ ‘ක්වඩ්ස්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට සහ එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවට සහභාගීවීමටය. ‘ක්වඩ්ස්’ රාජ්‍ය නායක සමුළුව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ දී සිදුවිය. එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුව පැවැත්වූයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වශයෙනි. පසුගිය තෙදින පුරා ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු හේතුවෙන් ඉතාමත් කාර්යබහුල විය. එහෙයින්, මෝදි හමුවීමට කැමැත්තෙන් සිටියත් ඔහුට එය නොහැකි වුණු බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්ට අගමැති මෝදි හමුවෙන්න බැරිවෙලා