තමාගේ ඊමේල් භාවිතය ගැන අලුත් පරීක්ෂණයක් සිදු කිරීමට හේතුව කුමක්දැයි ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් එෆ්.බි.අයි ආයතනයෙන් ප්‍රශ්න කරයි.ඇය රාජ්‍ය ලේකම් ව සිටි සමයේ භාවිතා කළ යැයි පවසන සංවේදී තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩ සම්බන්ධයෙන් එෆ්.බී.අයි ආයතනය පරීක්ෂණ සිදු කරයි.මේ සම්බන්ධයෙන් හදිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් රටවැසියන් මේ ගැන සියල්ල දැනගත යුතු බවත් ඇය පැවසිය.
සංවේදී තොරතුරු ඇතුළත් රාජකාරි ඊමේල් පණිවුඩ ඇගේ පෞද්ගලික ඊමේල් හරහා හුවමාරු කිරීම ඇයට ඇති ප්‍රබල චෝදනාවකි.
අලුත් පරීක්ෂණයක් සිදු කිරීමට හේතුව ඇය විසින් එම සමයේ හුවමාරු කළ තවත් ඊමේල් කිහිපයක් හමුවීම බව එෆ්.බී.අයි ආයතනය පවසයි.හිලරිගේ හා හිටපු කොංග්‍රස් සාමාජිකයෙකු වූ ඇන්තොනි වෙයිනර් ගේ දුරකථන සහ උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇන්තෝනි විසින් 15 හැවිරිදි දැරියකට අසභ්‍ය ඊමේල් පණිවුඩ යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වෙයි.
වෝටර්ගේට් සිදුවීමට පසුව සිදුවූ විශාලතම දුෂණ චෝදනාව මෙය බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මිට පෙර සොයාගැනුණු ඊමේල් පණිවුඩ කිහිපයක් ගැන ජුලි මාසයේදී පරීක්ෂණයක් ආරම්භ වූ අතර මෙම සොයාගැනීම ජුලි මස ඇරඹු පරීක්ෂණ වෙනස් නොකරනු ඇතැයි විශ්වාස කරන බව ඇය කිවාය.ඇය 2009-2013 කාලය තුළ ඇමෙරිකා රාජ්‍ය ලේකම් තනතුර දරුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd