IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ට්‍රම්ප්ගෙන් හිලරි ට බරපතල චෝදනාවක්

තමාගේ ඊමේල් භාවිතය ගැන අලුත් පරීක්ෂණයක් සිදු කිරීමට හේතුව කුමක්දැයි ඇමෙරිකා ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් එෆ්.බි.අයි ආයතනයෙන් ප්‍රශ්න කරයි.ඇය රාජ්‍ය ලේකම් ව සිටි සමයේ භාවිතා කළ යැයි පවසන සංවේදී තොරතුරු ඇතුළත් ඊමේල් පණිවුඩ සම්බන්ධයෙන් එෆ්.බී.අයි ආයතනය පරීක්ෂණ සිදු කරයි.මේ සම්බන්ධයෙන් හදිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් රටවැසියන් මේ ගැන සියල්ල දැනගත යුතු බවත් ඇය පැවසිය.

සංවේදී තොරතුරු ඇතුළත් රාජකාරි ඊමේල් පණිවුඩ ඇගේ පෞද්ගලික ඊමේල් හරහා හුවමාරු කිරීම ඇයට ඇති ප්‍රබල චෝදනාවකි.

අලුත් පරීක්ෂණයක් සිදු කිරීමට හේතුව ඇය විසින් එම සමයේ හුවමාරු කළ තවත් ඊමේල් කිහිපයක් හමුවීම බව එෆ්.බී.අයි ආයතනය පවසයි.හිලරිගේ හා හිටපු කොංග්‍රස් සාමාජිකයෙකු වූ ඇන්තොනි වෙයිනර් ගේ දුරකථන සහ උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇන්තෝනි විසින් 15 හැවිරිදි දැරියකට අසභ්‍ය ඊමේල් පණිවුඩ යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වෙයි.

වෝටර්ගේට් සිදුවීමට පසුව සිදුවූ විශාලතම දුෂණ චෝදනාව මෙය බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මිට පෙර සොයාගැනුණු ඊමේල් පණිවුඩ කිහිපයක් ගැන ජුලි මාසයේදී පරීක්ෂණයක් ආරම්භ වූ අතර මෙම සොයාගැනීම ජුලි මස ඇරඹු පරීක්ෂණ වෙනස් නොකරනු ඇතැයි විශ්වාස කරන බව ඇය කිවාය.ඇය 2009-2013 කාලය තුළ ඇමෙරිකා රාජ්‍ය ලේකම් තනතුර දරුවාය.

 



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් හිලරි ට බරපතල චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 646 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site