අකමැත්තෙන් ධුරයෙන් සමුගත් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප් එක් වී නව වෙබ් අඩවියක් ආරම්භ කළහ.
මෙම නව වෙබ් අඩවිය නම් කර ඇත්තේ ‘45 වැනි ජනාධිපති’ යන නමින් වන අතර, මෙම වෙබ් අඩවිය හරහා තම පාක්ෂිකයන්ටත් ඇමෙරිකන් ජනතාවටත් සමීප වීම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අරමුණ වී තිබේ.
ට්‍රම්ප් ඔහුට රිසි පරිදි අදහස් දැක්වීමට ද මෙම වෙබ් අඩවිය යොදා ගැනීමට නියමිතය.
ඇමෙරිකන් ජනතාව භීතියට පත් කරමින්, ඇමෙරිකාවේ සුදු අන්තවාදීන් ‘උසි ගන්වනවා’ යැයි චෝදනා එල්ල වී ඇති බැවින්, ට්‍රම්ප්ගේ ‘ෆේස්බුක්’ සහ ‘ට්විටර්’ ගිණුම් අත්හිටුවීමට එම සමාගම් කටයුතු කළේය.
ට්‍රම්ප්ට යළි කිසිම දිනෙක ‘ෆේස්බුක්’ සහ ‘ට්විටර්’ පරිහරණය කිරීමට ඉඩ නොදෙන බව ද ‘ෆේස්බුක්’ සහ ‘ට්විටර්’ සමාගම් පවසා ඇත.
ඊට විසඳුමක් ලෙස තමන් වෙබ් අඩවියක් සහ සමාජ මාධ්‍ය ජාලයක් පිහිටුවන බව ට්‍රම්ප් පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරියකු වන අතර, 2024 දී යළි ඇමෙරිකන් ජනාධිපති ධුරයට තරග වැදීමට අපේක්ෂා කරයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගෙන් වෙබ් අඩවියක්