ඇමරිකා ජනපති ධූරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවාන ජනපතිනි තායි ඉන්වේ සමග දුරකථන සංවාදයක නිරතවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

චීනය සමග සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමේ අරමුණින් ඇමරිකා ජනපතිවරුන් මීට පෙර තායිවානය සමග සබඳතා අත්හැර තිබිණි.

මේ හේතුවෙන් ට්‍රම්ප් රජය චීනයේ දැඩි උදහසට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

තායිවානයත් ඇමරිකාවත් අතර සමීප ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක සම්බන්ධතා පැවැත්වීම කෙරෙහි ඔවුන් දෙදෙනාගේ දුරකථන සංවාදයේදී සාකච්ඡා කැර ඇතැයි වාර්තාවේ.

නව ජනපති ට්‍රම්ප්ට තායිවාන් ජනපතිනිය සුබ පැතුම් එක් කර ඇති බවත් තායිවානයේ මේ වසර මුලදී පැවැති මැතිවරණයෙන් ජයගත් ජනපතිනියට ද ට්‍රම්ප් සුබාශිංසන එක්කර ඇතැයි කියති.