
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජපානයට තර්ජනය කර ඇත. ඒ, ට්‍රම්ප් ජපානයට පනවා ඇති තීරු බදු සම්බන්ධයෙනි.
ට්‍රම්ප් පරිපාලනය මේවනවිට එම තීරු බදු සම්බන්ධයෙන් ජපානයට සහනයක් දී ඇති අතර, එය අවසන් වීමට පෙර, ගිවිසුමකට අවතීර්ණ නොවන්නේ නම්, ජපානයට එරෙහිව සියයට 30 ක හෝ 35 ක හෝ තීරු බදු පැනවීමට පසුබට නොවන බව ට්‍රම්ප් පවසා ඇත.
සිය දෙවැනි ධුර කාලය ආරම්භ කර ඇති ට්‍රම්ප්, ඉකුත් අප්‍රේල් 2 වැනිදා සිට රටවල් රැසකට අධික තීරු බදු පැනවීම සිදු කළේය. එහිදී ජපානයට සියයට 24 ක තීරු බද්දක් පැනවීමට ඔහු තීරණය කළ බව ද පැවැසීය.
එසේ වුවත්, ජපානය ඇමෙරිකාවේ සමීපතම මිතුරකු බැවින්, ජපන් වෙළෙඳ හවුල්කරුවන්ට ද තම පරිපාලනය සමඟ සාකච්ඡා පැවැත්වීමට ට්‍රම්ප් අවස්ථාව දුන්නේය. ඒ, දින 90 ක විරාම කාලයක් ලබා දෙමිනි. එම විරාම කාලය එලැඹෙන ජූලි 9 වැනිදා අවසන් වෙයි. ජපානයට අනතුරු අඟවමින් ට්‍රම්ප් පැවැසුවේ, එම විරාම කාලය තවත් දීර්ඝ කිරීමට අදහසක් තමන්ට නොමැති බවය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ගෙන් ජපානයට තර්ජන