
ඇමෙරිකාවට නව මිසයිල ආරක්ෂක පද්ධතියක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ‘ගෝල්ඩන් ඩෝම්’ නමැති නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳුන්වා දීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
තමන්ගේ සිවු වසරක ධුර කාලය අවසන් වීමට පෙර, මෙම ‘ගෝල්ඩන් ඩෝම්’ මිසයිල ආරක්ෂක පද්ධතිය ස්ථාපිත කෙරෙනු ඇතැයි ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කළේ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද පිරිවරා ගනිමින් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිටය.
ඇමෙරිකාව වර්තමානයේ භාවිතයට ගන්නා මිසයිල ආරක්ෂක පද්ධතිය, යවත්කාලීන කළ යුතු යැයි ඇමෙරිකන් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන් පවසා ඇති අතර, ට්‍රම්ප් ඒ ගැන අවධානය යොමු කළේ පසුගිය ජනවාරියේ ඔහු ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමඟය.
අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, මෙම නව මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 25 ක මුදලක් වැය වනු ඇත. කෙසේ නමුත් එහ වියදම් තවත් ඉහළ යෑමට හැකි බව ද පැවැසෙයි.
අභ්‍යවකාශ ආරක්ෂක කටයුතු සඳහා ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ‘ස්පේස් ෆෝස්’ ආයතනය, මෙම මිසයිල ආරක්ෂක පද්ධතියේ කටයුතු අධීක්ෂණයට යෙදවීමට ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1334
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1250
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
459
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට මිසයිල ආරක්ෂක පද්ධතියක්