ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක උප ජනාධිපති ධූර අපේක්ෂක මයික් පෙන්ස් ගමන් කළ යානයක් නිව්යෝක්හිදී අනතුරකට ලක්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

වර්ෂාව සහිත අවස්ථාවක ලා ගාර්ඩියා ගුවන්තොටුපළේදී යානය ගොඩබස්වද්දී ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් ඇතැයි කියති.

මයික් පෙන්ස් ඇතුළු පිරිස යානයේ පිටුපස ආරක්ෂිත දොරටුවෙන් පිටතට ගෙන ඇති බවත් වාර්තාවේ.

භය උපදවන අනතුරකට මුහුණ පෑවද යානයේ සිටි කිසිවකුට හානියක් නොවීම පිළිබඳව මයික් පෙන්ස් සිය සතුට පළ කර තිබිණි.