
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී ස්ථාපිත කළ 'ටෘෘත් - ෂෝෂල්' නමැති සමාජ මාධ්‍ය ජාලය හෙට (21) ආරම්භ වෙයි.
ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු ද වෙයි. 'ටෲත් - ෂෝෂල්' හරහා ට්‍රම්ප් කිසිදු බාධාවකින් තොරව ඔහුට 'රිසි පරිදි' ඔහුට පැවැසීමට ඇති දේ සමාජගත කිරීමට කටයුතු කරනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.
හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ නවතම සමාජ මාධ්‍ය යෙදුම, ඇපල් ස්ටෝ හරහා බාගත කිරීමට හැකි බව ටෘෘත් ෂෝෂල් වෙනුවෙන් එහි ප්‍රකාශයකු පැහැදිලි කර තිබේ.
2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූ විට ඔහු එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. 2021 ජනවාරියේ සුදු අන්තවාදීන් ඇමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ ට්‍රම්ප් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කළ උසි ගැන්වීමෙනි.
එම සිදුවීමෙන් පසු ට්විටර්, ෆේස්බුක්, යූ ටියුබ් ආදි සමාජ මාධ්‍ය ට්‍රම්ප්ට තහංචි පනවමින්, ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගත්තේය.
එම අවස්ථාවේදී ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේ සත්‍ය පැවැසීමට තමන් තමන්ගේම කියා සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කරන බවය. ඒ අනුව 'ටෲත් - ෂෝෂල්' බිහිවුණු බව පැවැසෙයි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd