
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර යුද්ධය අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද්ධය අවසන් වූයේ, ට්‍රම්ප්ගේ සටන් විරාමයටත් සාම සැලැස්මටත් දෙපාර්ශ්වයම කැමැත්ත පළ කිරීමත් සමඟය.
ට්‍රම්ප් මැදිහත් වී කරුණු 20 කින් සමන්විත සටන් විරාමය සහ සාම සැලැස්ම සකස් කළේ තුර්කිය, සෞදිය, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව හවුල් කර ගනිමිනි. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සාම සමුළුවක් ද ඊජිප්තුවේ දී පැවැත්විණි. මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ආදී බටහිර රටවල නායකයෝ ද ඊට එක් වූහ.
සටන් විරාමය සහ සාම සැලැස්මට අදාළ ලියවිලිවලට අත්සන් තැබීම මෙම සමුළුවේ දී සිදුවිය. සමුළුවේ මුලසුන හෙබවූයේ ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීය.
ඊශ්‍රායලයට ගාසා තීරයට පහර දීම කළේ 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දී ඊශ්‍රායල වැසියන් පැහැරගෙන යෑමෙන් පසුවය. හමාස් සටන්කාමින් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායලය වැසියන් ගණන 200 කි.
එම හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ඇරැඹුවේය. ඊශ්‍රායලය, හමාස් සංවිධානයට සහාය දෙන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ද ගැටුම් ඇති කර ගත්තේය. හිස්බුල්ලා සංවිධානයට අනුග්‍රහය දෙන ඉරානය සමඟ ද යුද්ධයකට පැටලුණි.
ට්‍රම්ප්ගේ සටන් විරාමයත් සාම සැලැස්මත් ක්‍රියාත්මක වෙද්දී, වසර දෙකක් තිස්සේ පැවැති ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් විය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස සහ ගොඩනැගිලි යළි ඉදිකිරීමට ඇමෙරිකාව සහ බටහිර රටවල සහාය ලැබෙනු ඇත.
සටන් විරාමය සහ සාම සැලැස්ම ක්‍රියාත්මක වෙද්දී, හමාස් ග්‍රහණයේ සිටි අවසන් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනා වහා නිදහස් කෙරුණි. රතු කුරුස සංවිධානය හරහා ඔවුන් ඊශ්‍රායල හමුදාවට බාරදුන් අතර, පසුව බස් රථවලින් ඔවුන් ඊශ්‍රායලයට පැමිණියේ ඊශ්‍රායල වැසියන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය.
ගාසා යුද්ධය මෙසේ අවසන් වෙද්දී, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 67,869 කි. තුවාල ලබා ඇති ගණන 170,105 ක් යැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශයට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මියගිය සහ තුවාල ලැබූ වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් යැයි පැවැසෙයි. අවසන් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස ලබද්දී, ඒ වෙනුවෙන්, හමාස් සංවිධානය කළ ඉල්ලීමකට අනුව, ඊශ්‍රායල රජය ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි පලස්තීන වැසියන් 2,000 ක් නිදහස් කළේය. එම පිරිස බස් රථවලින් පලස්තීනයට පිටුවහල් කිරීම ද සිදුවිය.
2025 ඔක්තෝබර් මස 08
1890
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1516
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්ගේ සාම සැලැස්ම සාර්ථකයි