
ඉදිරි පැය 24 ඉතා තීරණාත්මක යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර කාර්යමණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝව්ස් පවසයි.
‘‘ඉදිරි පැය 24 තීරණාත්මකයි. ඔහුට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඊටත් වඩා තීරණාත්මකයි. අපි දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. ජනාධිපතිවරයා තවමත් පූර්ණ සුවය ලබන තත්ත්වයට හැරිලා නැහැ’’ යැයි හෙතෙම කීය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බවට ධවල මන්දිරයේ වෛද්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කිරීමෙන් පසුවය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර ප්‍රකාශ ඉදිරිපත් වෙමින් තිබෙන විදෙස් මාධ්‍ය අද (4) වාර්තා කළේය.
මේ තත්ත්වය මධ්‍යයේ සෙනසුරාදා, එනම් ඊයේ (3) පස්වරුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කළේය.
තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයක හොඳ මට්ටමක පවතින බව ඇමෙරිකානු ජනාධිපතිවරයා එහි කීවේය. කෙසේ නමුත් ඔහු විඩාබර ස්වරූපයක් පෙන්නුම් කළ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.
‘‘ඉදිරි දින කිහිපය ඉතා වැදගත්. සැබෑ පරීක්ෂණය තිබෙන්නේ ඉදිරි දින කිහිපයේ යැයි මම හිතනවා. ඒ නිසා ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා’’ යැයි ට්‍රම්ප් කැමරාව දෙස බලමින් කීවේය.
කෙසේ නමුත් මාර්ක් මෙඩෝව්ස් මුලින් කළ ප්‍රකාශයට වෙනස් ප්‍රකාශයක් කරමින් ජනාධිපති ට්‍රම්ප් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ජනාධිපතිවරයා සුව අතට හැරෙමින් සිටින බවත් හෙතෙම කීවේය.
‘‘ජනාධිපතිවරයාගේ තත්ත්වය තවමත් සුව අතට හැරී නැහැ. එහෙත් අපේ කණ්ඩායම සුබවාදී වගේම විමසිල්ලෙන් පසුවෙනවා’’ යැයි ධවල මන්දිරයේ ප්‍රධාන වෛද්‍ය සහ ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන ෂොන් කොන්ලේ ඊයේ (3) පස්වරුවේ පැවැසීය.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ගැන පරස්පර ප්‍රකාශ