IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ට්‍රම්ප්ගේ රුව ඇතුළත් සමරු කාසියක්

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිත කාසියක් නිකුත් කිරීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම සමහරු කාසිය නිකුත් කෙරෙනු ඇත්තේ ඇමෙරිකාවේ  250 වැනි නිදහස් සැමරුම වෙනුවෙනිි.

ඩොලරයක වටිනාකමකින් යුත් මෙම සමරු කාසියේ එක් පැත්තකට ට්‍රම්ප්ගේ මුහුණේ පැතිකඩක් ද අනෙක් පැත්තට ට්‍රම්ප් ඇමෙරිකානුවන් වෙනුවෙන් ‘සටන් කරමු’ යැයි හඬ නගන රූපයක් ද ඇතුළත් වෙයි. ඇමෙරිකාවේ 250 වැනි නිදහස දින සැමරුම යෙදෙනු ඇත්තේ ලබන 2026 වසරටය.

ඇමෙරිකන් මුදල්වල (මුදල් නෝට්ටු සහ කාසි) ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ රූප යෙදීම සිදුවන්නේ කලාතුරකිනි. ජීවත්වන පුද්ගලයන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ රූප මුදල්වල යෙදීම වැළැක්වීම සඳහා කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) නීති පනවා ඇත. එසේ වුවත්, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යෝජනා කර ඇති මෙම නවතම ‘ට්‍රම්ප් කාසිය’ එම නීතිවලට පටහැනි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට වාද විවාද හටගෙන ඇත.
භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මෙම සමරු කාසිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කළේ, ඇමෙරිකාව රජය අඩපණ වී ඇති අවස්ථාවකය. ඇමෙරිකාව පසුගිය පළමු වැනිදා සිට දින 5 ක් තිස්සේ අඩපණ වී ඇත. ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පමණි.

සෑම වසරකම ඔක්තෝබර් 1 වන දින ඇමෙරිකාවේ නව මූල්‍ය වර්ෂය ආරම්භ වන අතර, ඊට පෙර රජයට මුදල් වියදම් කිරීමට අවසර දෙන නීති සම්මත නොකළහොත්, බොහෝ ෆෙඩරල් ආයතනවලට මුදල් වියදම් කිරීම නැවතී යයි. මේ වනවිට සිදුවී ඇත්තේ එයයි.

ඇමෙරිකාව අඩපණ වී ඇත්තේ පාලක රිපබ්ලිකන් පක්ෂය සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය අතරේ, සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් හටගත් මත ගැටුම නිසාය. ජාතික ආරක්ෂාව, දේශසීමා ආරක්ෂාව, ගුවන් ගමනාගමන පාලනය, තැපැල් සේවය, සහ ෆෙඩරල් නීති බලාත්මක කිරීම වැනි අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන අතර, අනෙකුත් සේවා සියල්ල මේ වනවිට අඩපණ වී ඇත.

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ රුව ඇතුළත් සමරු කාසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 686 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 864 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site