ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියක් අතරතුරදී රිපබ්ලිකන් පක්ෂ ජනපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
තුවක්කුවක් රැගත් අයකු ට්‍රම්ප් සහභාගිවූ රැලියේ පිරිස අතර සිටින බවට ලද තොරතුරක් මත ඔහුගේ ආරක්ෂකයන් විසින් ට්‍රම්ප් ආරක්ෂාකාරීව වේදිකාවෙන් ඉවත් කැර ගැනිණි.
ඒ අතරතුර කළ සෝදිසියකදී සැකකටයුතු කිසිවක් හමුනොවූ අතර පසුව වේදිකාවට ආ ට්‍රම්ප් ඔහුගේ කථාව සිදු කළේය.
සැකකටයුතු එක් පුද්ගලයකු අත්අඩංගුවට පත්ව ඇති බවත් නමුත් කිසිදු ආයුධයක් හෝ සැකකටයුතු යමක් හමු නොවූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම ලංකාවේ දේශපාලුවන්ගෙන් තමයි ඉගෙනගන්න ඇත්තේ (නි)
මෙතන බොරු රඟපෑමක් ගියාද දන්නේ නැහැ, ජනප්‍රියත්වය වෙනුවෙන් (නි)
අභය, බොරු රඟපෑම් තියෙන්නේ ලංකාවේ දේශපාලුවන්ගේ විතරයි. සුද්දෝ කෙළින් වැඩ (නි)