IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ට්‍රම්ප්ගේ බලකිරීම්වලට යටත් වෙන්නේ නෑ - ඉරානය

ඇමෙරිකාව සමඟ ඕනෑම ආකාරයකට සාකච්ඡා කරන්න ඉරානය සූදානම් බව ඉරානය පවසයි. එසේ වුවත්, ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින්, ඉරානය මර්දනය කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ඉරාන රජය දැඩි ලෙස විරෝධය පළ කර ඇත.

‘අප කැමතියි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා කරන්න. ඕනෑම ආකාරයකින් සාකච්ඡා කරන්න අප සූදානම්. ඇමෙරිකාව අපට පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට අපට අවශ්‍යයි. ඒත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා ඉරානයට පුළුවන් උපරිම පීඩනයක් එල්ල කරමින් ඉරානය මර්දනය කරන බව. ට්‍රම්ප්ගේ ඒ ප්‍රතිපත්තියට අප කැමැති නැහැ” යැයි ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චී පැහැදිලි කර තිබේ.

ඉරානය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශ්වාසයයි. ට්‍රම්ප් ඉරානයට උපරිම පීඩනයක් එල්ල කරනවා යැයි පැවැසුවේ පසුගිය දා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය. ඉරානය සහ ඊශ්‍රායලය අතර එදිරිවාදිකම්වලදී, ට්‍රම්ප්ගේ සහාය හිමිවන්නේ යුදෙව් ඊශ්‍රායලයටය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගේ බලකිරීම්වලට යටත් වෙන්නේ නෑ - ඉරානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1462 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1312 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site