
ට්‍රම්ප් සිය පළමු බිරිඳ ඉවානා සහ දෙවැනි වත්මන් බිරිඳා මෙලානියා සමග සිටින ඡායාරූපයක් ...
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ සහ ට්‍රම්ප්ගේ වැඩිමල් දරු තිදෙනාගේ මව ද වන ඉවානා ට්‍රම්ප් මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. මියයනවිට ඉවානා ට්‍රම්ප් 73 හැවිරිදි වියෙහි පසුවූවාය.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමල් දරු තිදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, ඉවන්කා සහ එරික්ගේ මව වන්නේ ඉවානා ට්‍රම්ප් ය.
ඉවානා ට්‍රම්ප් අභවප්‍රාප්ත වීමේ පුවත ප්‍රසිද්ධියට පත් කළේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. නිව්යෝක් නුවර ඇගේ නිවසේදී ඇය අවසන් සුසුම් හෙලූ බව ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
‘ඇය හරිම සුන්දර, අපූරු කාන්තාවක්. ඇයගේ මුළු ලොවම ඇගේතේ මගේත් දරු තිදෙනායි. ඇය හිටියේ ඔවුන් ගැන හරිම ආඩම්බරයකින්. අපටත් ඇය ගැන ආඩම්බරයි.’ යැයි 76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු බිරිඳ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.
ට්‍රම්ප් සහ ඉවානා විවාහ වූයේ 1977 වසරේදීය. ඉවානා චෙකොස්ලොවේකියානු තරුණියකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ පළමු බිරිඳ අභාවප්‍රාප්ත වෙයි