
ට්‍රම්ප් සිය පළමු බිරිඳ ඉවානා සහ දෙවැනි වත්මන් බිරිඳා මෙලානියා සමග සිටින ඡායාරූපයක් ...
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ සහ ට්‍රම්ප්ගේ වැඩිමල් දරු තිදෙනාගේ මව ද වන ඉවානා ට්‍රම්ප් මියගිය බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. මියයනවිට ඉවානා ට්‍රම්ප් 73 හැවිරිදි වියෙහි පසුවූවාය.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමල් දරු තිදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, ඉවන්කා සහ එරික්ගේ මව වන්නේ ඉවානා ට්‍රම්ප් ය.
ඉවානා ට්‍රම්ප් අභවප්‍රාප්ත වීමේ පුවත ප්‍රසිද්ධියට පත් කළේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. නිව්යෝක් නුවර ඇගේ නිවසේදී ඇය අවසන් සුසුම් හෙලූ බව ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
‘ඇය හරිම සුන්දර, අපූරු කාන්තාවක්. ඇයගේ මුළු ලොවම ඇගේතේ මගේත් දරු තිදෙනායි. ඇය හිටියේ ඔවුන් ගැන හරිම ආඩම්බරයකින්. අපටත් ඇය ගැන ආඩම්බරයි.’ යැයි 76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු බිරිඳ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.
ට්‍රම්ප් සහ ඉවානා විවාහ වූයේ 1977 වසරේදීය. ඉවානා චෙකොස්ලොවේකියානු තරුණියකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd