ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිවුරුම් දෙද්දී ඊට විරෝධය පළ කරමින් වොෂින්ටන්හි කළහකාරී ලෙස හැසිරුණු 200ක් පමණ අත්අඩංගුවට ගනු ලැබූහ. 

විරේාධතාකාරුවෝ පොලිසියට ගල් ගසමින් දේපොළ විනාශ කරමින් සිය විරෝධය පළ කළහ. 

විරෝධතාකරුවන් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ මාරාන්තික නොවන වෙනත් ක්‍රමවේදයන්ද අනුගමනය කළේය.  උද්ඝෝෂණය අතරතුර පොලිසියේ හය දෙනෙක් සුළු තුවාල ලැබූහ. 

උද්ඝෝෂකයන්ගෙන් වැඩි දෙනෙක් කළු ඇඳුම් ඇඳ  මුහුණු අවාරණය කරගෙන සිටියහ.  වොෂින්ටන්හි විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙද්දී ඇමරෙිකාවේ තවත් ප්‍රදේශ කිහිපයක පිරිස් සාමකාමීව සිය ට්‍රම්ප් විරෝධී පාඨ කියහින් උද්ඝෝෂණය   කළහ. 

ට්‍රම්ප් කුළුනේ පිටත අඩිපාර අවහිර ර කළැයි නිවයෝර්ක්හි දී හත් දෙදෙනක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

සැන් ෆ්‍රැන්සිස්කෝහි උද්ඝෝෂණය කළ පිරිස බාධක යොදා   දුම්රිය මාර්ගය අවහිර කර තිබිණි. ඊට නායකත්වය දුන් අට දෙනෙකුද අත්අඩංගුවට අත්අඩංගුවට ගත්තේය. 

 ‘මෙය අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම දවසක්‘‘ යැයි  ලොස්ඇන්ජලීස්හි 75 හැවිරිදි පුද්ගලයකු කීවේය.