IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගේ නියෝගයට අධිකරණයෙන් වාරණයක්

බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන රටවල් හතක වැසියන් ඇමෙරිකාවට ඇතුළුවුවහොත් ඔවුන් රඳවාගෙන පිටුවහල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිකුත් කළ විධායක නියෝගය තාවකාලිකව නවත්වන ලෙස ෆෙඩරල් අධිකරණයක් සෙනසුරාදා නියෝගයක් නිකුත් කළේය.

ඇමෙරිකා සිවිල් නිදහස පිළිබඳ සංගමයක් ගොනු කළ පෙත්සමකට අවසර දෙමින් ඇමෙරිකාවේ දිසා අධිකරණ විනිසුරු ඈන් ඩොනලී මහත්මිය එම නියෝගය කළාය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතකට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා දින 90 ක කාලයට අදාළ වන ලෙසින් නියෝගයක් දුන් අතර ඒත් සමඟම මේ වනවිට අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි පැවසේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා විධායක නියෝගය පැනවීමත් සමඟ ඉරාන, ඉරාකය, ලිබියාව, සෝමාලියාව හා සූඩානය ඇතුළු රටවල පුරවැසියන්ට ගුවන් යානාවලට ගොඩවීමට නොහැකි වීමෙන් ඇමෙරිකාව පුරා ගුවන් තොටුපොළ වල ඉහත කී රටවල පුරවැසියන් සිර වී ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

ට්‍රම්ප්ගේ නියෝගයට අධිකරණයෙන් වාරණයක්

ටෝනි Monday, 30 January 2017 10:34 AM

ට්‍රම්ප්ගේ ජාතිවාදී ප්‍රතිපත්ති සහ ක්‍රියා කලාපයන් නිසා ලෝකෙට අසාධාරණයක් මිසක් සාධාරණයක් වෙන්නේ නැහැ. දැනටම ඇමෙරිකාව තුළම ජනතාව පිල් බෙදිලා. ජනපතිවරයාට විරුද්ධව උසාවි නියෝග ගන්නවා. (ම)

:       0       0

බමුණු ආරච්චි Monday, 30 January 2017 02:04 AM

ට්‍රම්ප් මහතාණනි, අපේ රටෙත් ඔහොම අය ඉන්නවා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 30 January 2017 02:48 AM

මට නම් ඔහු මුළු ලෝකෙටම වඩා හොඳයි. අනික් ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්තකම් ඒ ඒ රටවලට පමණි. මොවුන්ගේ ත්‍රස්තකම් මුළු ලෝකයටමය. (නි)

:       0       0

ධනුෂ්ක Monday, 30 January 2017 02:50 AM

සියලුම ජාතිවාදීන්, අාගම්වාදීන්, අන්තවාදීන්. ත්‍රස්තවාදීන්, ගෝත්‍රවාදීන් විනාශ වේවා! සියලු මිනිසුන් සමාන බව පිළිගන්නා සැබෑ මිනිසුන් ඉතිරි වේවා! වෙන්නෙත් එ්කම තමා. ඉතිහාසය එ්කට සාක්ෂි දරනවා (නි)

:       0       0

ලංකා Monday, 30 January 2017 02:56 AM

ලෝකෙම එකතුවෙලා ඇමරිකාවට සම්බාධක පනවන්න ඕනෑ (නි)

:       0       0

ගවුස් Monday, 30 January 2017 03:05 AM

ගයාන්, ට්‍රම්ප් දැන් බයේලු ඉන්නේ (නි)

:       0       0

බමුණු Monday, 30 January 2017 03:09 AM

ලෝකෙම එකතුවෙලා ඇමරිකාවට සම්බාධක පනවන්න ඕනෑලු හා හා මට මතක් වෙන්නේ රා බීපු මීයෙක් බළලාගේ කරේ සීනුවක් එල්ලන්න්න කතා කරපුහැටි මරේ මරු අදහස. (ම)

:       0       0

ලාල් Monday, 30 January 2017 12:23 PM

හොඳ වැඩක් ට්‍රම්ප් මහත්තයා. (ර)

:       0       0

නිහාල් Monday, 30 January 2017 05:03 AM

බමුණු ඇමරිකාවට බයේ මීයෙක් වගේ ඉන්නේ. ලංකාව හරි චීනය රුසියාව වගේ රටවලුත් අතිබලවත්. අවශ්‍ය වුණොත් බැරිවෙන්නේ නැහැ (නි)

:       0       0

චමල් Monday, 30 January 2017 05:21 AM

ට්‍රම්ප් මහතා ගැන හිතද්දී අපිට අපි ගැනම ලැජ්ජයි (නි)

:       0       0

ගයාන් Sunday, 29 January 2017 09:39 AM

ට්‍රම්ප් කියන්නේ නියම කෙළින් මිනිසෙක් (නි)

:       0       0

චමල් Sunday, 29 January 2017 09:41 AM

සහජීවන අජීර්ණකාරයෝ එහෙත් ඉන්නවා. (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 29 January 2017 10:19 AM

ඇනගත්තා නේද පටන්ගත් ගමන්ම. ඔහුට සුදුසු ඇමෙරිකාව නොව ඊශ්‍රාලයයයි. (නි)

:       0       0

ජගත් ලියනගේ Sunday, 29 January 2017 10:26 AM

ඔය මහත්තයාට උපදේශකලා නැද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 30 January 2017 06:03 AM

ඕනෑම රටක යම්කිසි පිරිසක් ඉන්නවා ත්‍රස්තවාදයට කැමැත්තක් දක්වන. මොකද ඔවුන්ගේ පැවැත්මත් ඔතන අන්තර්ගතව තිබෙන නිසා. (නි)

:       0       0

සිරිල් Monday, 30 January 2017 06:06 AM

ට්‍රම්ප් හරියන්නේ ලංකාවට! (නි)

:       0       0

බන්දුල Sunday, 29 January 2017 11:39 AM

අයියෝ අර මෙහෙ වගේ උසාවියේ ලොක්කව අස්කළා නම් වැඩේ ගොඩනේ. ඕකට උපදෙස් ගන්න කට්ටිය මෙහෙ නම් ඉන්නවා. නිවාඩු පාඩුවේ සතියකට මෙහෙ ඇවිල්ලා යන්නකෝ ට්‍රම්ප් (නි)

:       0       0

අජිත් නිශ්ශංක Monday, 30 January 2017 06:18 AM

අනේ චමල් ලජ්ජා වෙන්න එපා! ඇමෙරිකානුවා අද ලෝකෙටම ලජ්ජා වෙලා තියෙන්නේ ! 83 කළු ජූලියෙන් පස්සේ ලංකාවේ ජනතාව ඉගෙන ගත්ත පාඩම නිසා එවැනි ජාතිවාදී ගින්දර අවුස්සනේ නැතිව ලෝකේ දරුණුම ත්‍රස්තවාදය පරද්දලා මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්නා නේද ? ඒක නිසා මේ ගෝත්‍රවාදී අදහස් වලට මුල්තැන නොදී අපේ මිනිස්සුන්ට ඇමෙරිකාවට පවා ත්‍රස්තවාදය පරදන හැටි පෙන්වන්න පුළුවන්! (බ)

:       0       0

සම්පත් පෙරේරා Sunday, 29 January 2017 12:14 PM

මීට කලින් කරන්න තිබ්බ දෙයක් ට්‍රම්ප් පරක්කු වෙලා හරි කරපු එක වටිනවා (අ)

:       0       0

බන්දුල Monday, 30 January 2017 06:30 AM

නිහාල්, ඇමරිකාවෙන් මිනිසුන්ට වුණ සෙත චීනෙන් හෝ රුසියාවෙන් වෙන්නේ නැත. අපට චීනෙන් හෝ රුසියාවෙන් තාක්ෂණික දැනුම ලැබෙන්නේ නැත. මේ දැනුම අපට ලබාගන්න උදවු වුණේ චීන්නු නොවේ. ඔවුන්ගෙන් ඇමරිකාව බාල බඩු හැදීම ඉගෙනගන්නවා ඇත. අන්න එනිසයි මම ඇමරිකාවට කැමති. (නි)

:       0       0

බමුණු සිංහ Monday, 30 January 2017 06:32 AM

ට්‍රම්ප් මහතා ගැන හිතද්දී අපිට අපි ගැනම ලැජ්ජයිලු. මොනවා කියනවද යාළුවේ? අපි මොනවා කියලා කරන්නද‍?

:       0       0

බමුණු සිංහ Monday, 30 January 2017 06:45 AM

83 කළු ජූලියෙන් පස්සේ ලංකාවේ ජනතාව ඉගෙනගත්ත පාඩම මොකක්ද? අපි පාඩමක් ඉගැන්නුවා. ඒ මෙරට ඇතුළේ සිංහලයා පරදවන්න බැහැ කියලා. එ්ත් සිංහලයින්ට සිංහලයින් පාවාදෙන්න පුළුවන් කියා දැන් ඉගෙනගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site